Aura හෙවත් ප්‍රභා මණ්ඩලය පිළිබඳවයි මේ කතාබහ.ඕනිම ජීවි වස්තුවක් වටා ඇති වර්ණවත් ආලෝකයක් ලෙස ඉතාමත් සරලවම Aura යන්න දැක්විය හැකිය.පුද්ගල ආධ්‍යාත්මය හා සම්බන්ධ මෙම මාතෘකාව කිසිසේත්ම එක් ලිපියකින් කතා කර අවසන් කළ හැකි නොවේ.එනිසාම මේ ලියවෙන්නෙ එහි මූලිකම හැඳින්වීමකි.
රශ්මි මඩුල්ල හෙවත් ප්‍රභා මණ්ඩලය යනු හුදෙක් මිනිස්සුන්ට පමණක්ම ඇති ශක්තියක් නොවේ.එනම් මෙය ශාක හා සතුන්ට ද පොදු වූ කරුණකි.සාමාන්‍යයෙන් මෙවන් ආධ්‍යාත්මික කරුණු පිළිබඳව ඔබට ඇති විශ්වාසය අල්ප විය හැකිය.නමුත් මේ පිළිබඳව ආධ්‍යාත්මික විද්‍යාව හා පාරභෞතික විද්‍යාත්මකව ද කරුණු දක්වා තිබීම, එය සත්‍යයක් ලෙස පිළිගැනීම ,සැබවින්ම මෙය දැක තිබීම ඔබේ විශ්වාසය තහවුරු කරයි.
ප්‍රභා මණ්ඩලය යන්න භෞතික ශරීරයට පිටතින් පිහිටි සියුම්, සූක්ෂම ශක්තියක් ලෙස ද දැක්විය හැකිය.එමෙන්ම මෙය පුද්ගල සිතිවිලි ,චිත්‍යාභ්‍යන්තරය හා සම්බන්ධ වූවකි.ඇතැම් හැඳින්වීම් තුළ මේ පිළිබඳව කතා කරන්නේ මිනිස් සූර්‍යා මැයෙනි.නිරායාසයෙන්ම පුද්ගල ප්‍රභා මණ්ඩලය අපගේ ජීවන වටපිටාව හා සෘජුවම සම්බන්ධ වූවකි.අපගේ සෞඛ්‍ය ,චරිතය ,මානසික ක්‍රියාකාරිත්වය හා චිත්තවේග ඒ යටතට ගැනේ.ඇතැම් අවස්ථාවලදී ඔබට රෝගයක් වැළඳීමට පෙරම එනම් අදාළ රෝග ලක්ෂණ මතුවීමටත් පෙර සිටම මේ තුළින් එකී රෝග පිළිබඳව කතා කරයි.
සෑම පරිසරයක් තුළම වාසය කරන ශක්තිජනක ආවරණයක් වන මෙය ඇතමෙකුට හුදෙක් බාහිරව ඇති තට්ටුවක් ලෙස ද අරුත් ගැන්විය හැකිය.නමුදු ප්‍රභා මණ්ඩලය වූ කලී ශක්තියකි.චිත්තවේගීමය වශයෙන් ඇති ශක්තියකි.එමෙන්ම Aura යන්න සැහැල්ලු සිරුර ලෙස ද දැක්විය හැකිය.
පුද්ගල සිතුවිලි හා සෘජුවම සම්බන්ධ වූ මෙය ඔබ තුළ ඇති ජීවන ශක්තීන්ගේ පිළිබිඹුවකි.මෙහි වර්ණ හා එහි තේරුම් පිළිබඳව ද පැහැදිලි සම්බන්යක් පවතියි.ඒ පිළිබඳව ඉදිරි ලිපි තුළින් ඔබට තොරතුරු දැනගත හැකිය.
අධ්‍යාත්මික සිරුර ,එසේත් නැතිනම් පුද්ගල ආධ්‍යාත්මය පිළිබඳව කතා කරන මෙය සෘජුවම ආගමික පරිසරය හා බැඳී පවතියි.එනම් බුදුන්වහන්සේ පිළිබඳව එන ඉගැන්වීම් තුළ ඔබට මෙම ප්‍රභා මණ්ඩලය නැමැති කරුණ උදාහරණ සහිතවම වටහාගත හැකිය.බුද්ධ රශ්මිය ලෙස තථාගතයාණන් වහන්සේගේ දේහය වටා පිහිටි සතර රියනක් වූ රශ්මි මඩුල්ල පිළිබඳව ඔබ අසා ඇති.
පූර්ණ චන්ද්‍රයා දිස්වෙන අහසේ සඳ වටා ඇති ආලෝක කිරණ මෙන් සියලු ජීවී වස්තූන්ගේ දැකිය හැකි මෙම Aura හෙවත් ප්‍රභා මණ්ඩලය පිළිබඳවත් එහි ඇති ශක්තීන් පිළිබඳවත් ඉදිරි ලිපි තුළින් අපි සාකච්ඡා කරමු.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings