වසරකට අධික කාලයක් පුරාවට සමස්ත ලෝකයේම අවධානය එක සේ යොමුවුණු උණුසුම් මාතෘකාව කොවිඩ් 19 බව අමුතුවෙන් කිවයුතු නොවේ.කිසිදු භේදයකින් තොරව සමස්ත ලෝකයම මුහුණදී ඇති මෙම අර්බුදය ලොව සියල්ලම අඩපණ කිරීමට සමත්ව ඇති බවත් නොරහසකි.එයින් බැට කන ලොව ප්‍රබලම රටවල් සේම අනෙකුත් සෙසු රටවල් ද දෑස් දල්වා බලාපොරොත්තු සහගතව සිටින්නේ කොරෝනා මැඬලීමට සමත් කොයිම හෝ ඖෂධයක් සොයාගන්නා තුරුය.ඒ මරණයෙන් ගැලවී සාමාන්‍යය ,හුරුපුරුදු ජීවන ක්‍රමය නැවත ළඟා කරගැනීමේ ඒකායන අරමුණනි.ඒ වෙනුවෙන් ලෝකය තුළ මේ වන විට විවිධ වූ එන්නත් නිෂ්පාදනය වෙමින් පවතියි.ඇතැම් එන්නත් දැනටමත් ක්‍රියාත්මක තත්වයේ පවතින අතර බොහෝමයක් ඇත්තේ තවමත් පර්‍යේෂණ මට්ටම තුළයි.එනම් එම සියලුම එන්නත්වලට පාහේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර ලැබී ඇත්තේ හදිසි භාවිතය සදහා වීමයි.
ලංකාව තුළ තත්වයද එසේමය.මෙරට තුළ නිපදවන ලද විවිධ බෙහෙත් ක්‍රමයන්ගෙන් හෙම්බත් වූ පිරිස් මේ වෙනුවෙන් සාර්ථක ඖෂධයක් ලැබෙන තුරු බලාපොරොත්තුවෙන් සිටියි.මේ ගෙවෙන්නේ ඒ පිළිබඳව සුබ ආකල්පයක් ඇති කරගත හැකි කාලවකවානුවකි.මේ සටහන මෙරට තුළ භාවිතයට ගැනීම උදෙසා ගෙනෙන ලද එන්නත පිළිබඳවයි.
- Oxford - Astrazeneca එන්නත :
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ගෙන්වන ලද මෙම එන්නත මුල් අදියර තුළ මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයන්ට ,සෞඛ්‍ය අංශයේ සාමාජිකයන් හට ලබාදීම මේ වන විටත් සිදුකර ඇත.එමෙන්ම මෙම එන්නත මහජනතාව උදෙසා ලබාදීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.ඒ අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ලැබෙන තොරතුරු පරිදි පළමුව බස්නාහිර පළාතෙන් මෙය ආරම්භ වේ.වෛරසය ආසාදනය වීමට වැඩි අවදානමක් ඇති කොටස් මෙම එන්නත්කරණය සදහා සුදුසුකම් ලබන්නන් ලෙස දැක්විය හැකිය.
- සුදුසුම එන්නත මෙයද :
සමස්ත ලෝකයම එක සේ මුහුණ පා සිටින මෙම අර්බුදය නිසාවෙන් මේ වනවිටත් නිපදවන සියලු එන්නත් සහ ඖෂධ පවතින්නේ පර්‍යේෂණ මට්ටමේ බව මූලිකව අවධාරණය කළ යුතුය.එනම් පෙර පැවසූ පරිදි මේ සියලු එන්නත් සදහා අවසර ලැබී ඇත්තේ හදිසි භාවිතය සදහාය.මෙම එන්නතට අමතරව ඉදිරියේදී චීනයේ නිපද වූ Cor vaccines , රුසියාවේ නිෂ්පාදිත Sputnik vaccines මෙරටට ලැබීමට නියමිතය.
කෙසේ නමුත් මෙරට තුළ භාවිතයට ගැනෙන එන්නත වූ කලී දැනට යම් තරමකට ධනාත්මක ප්‍රතිඵල පෙන්වූ එන්නතක් ලෙස දැක්විය හැකිය.එනම් මෙහි සාර්ථකත්වය 70%ක් පමණ වේ.අතුරු ආබාධ ඉතාමත් අවම විශ්වාසවන්ත එන්නතක් ලෙස මෙය දැක්විය හැකිය.බ්‍රිතාන්‍යයේ හදුනාගත් නව වෛරස් ප්‍රභේදයට ද මෙම එන්නත ඔරොත්තු දීම මේ පිළිබඳව යම් සුබ ආකල්පයක් ඇති කරගැනීමට හැකියාව ලබාදේ.
- එන්නත පිළිබඳව ඇති මත / Side Effects:
කොරෝනාව කොයිතරම් දරුණු වුවත් එන්නත් සොයාගැනීමෙන් පසු බොහෝ දෙනා බියව සිටින්නේ මෙයින් පසුකාලීනව ඇති කරවන අතුරු ආබාධ මොනවාද යන්න පිළිබඳවයි.ඊට හොඳම ආදර්ශයක් සපයමින් මෙරට පළමු එන්නත්කරණ ක්‍රියාවලිය සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබාදීම දැක්විය හැකියි.එනම් මේ බරපතල ගණයේ අතුරු ආබාධ අවම හොඳම එන්නතක් බව ඉන් පැහැදිලියි.
එන්නතක් ලබාගැනීමෙන් අනතුරුව ශරීරය තුළ ප්‍රතිදේහ නිර්මාණය වීමේ ක්‍රියාවලියේදී ඇති වන රෝග ලක්ෂණ කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් පෙන්වාදෙයි.ඒ අනුව ,
කරකැවිල්ල ,දහඩිය දැමීම ,උණ ගතිය ,හිසරදය ,තරමක වේදනාවක් ,හන්දි වේදනාව වැනි සාමාන්‍ය තත්වයන් ඇති විය හැකි බවයි.නමුත් බොහෝ පිරිස් බියෙන් පසුවන මදසරු බව වැනි තත්වයන් පිළිබඳව ලොව කිසිදු අයුරකින් වාර්තා වී නොමැති බවත් කිව යුතුයි.
එන්නතින් පසුව 60% - 70% අතර රෝගය බෝ නොවීමේ ආරක්ෂාවක් ඔබට ලැබෙන අතර රෝගය වැළදුණද ඉන් මාරාන්තික උත්සන්නවීමක් නොමැත.එමෙන්ම මෙහි පළමු මාත්‍රාවෙන් පසු නැවත දෙවෙනි මාත්‍රාවක්ද ලබාදීමට නියමිතය.සියලුම පුද්ගලයින් හට නියමිත මාත්‍රාව වන මිලි. 0.5ක ප්‍රමාණය ලබාදේ.
ලෝකයේ රටවල් ගණනාවක මිනිසුන් මිලියන 100කට එහා එන්නත් කළ මෙය ඔබට ලැබෙන පළමු අවස්ථාව තුළම විද ගැනීම සුදුසු බව ද කිවයුතුය.කොරෝනාවෙන් තොර හුරුපුරුදු ලෝකය ඉක්මනින් උදාවීම දැකීම ඔබේ බලාපොරොත්තුව නම් මේ ඊට ඔබේ සහය ලැබිය යුතුම කාලයයි.
කෙසේ නමුත් තවමත් පර්‍යේෂණ මට්ටමේ පවතින මෙම සියලු එන්නත් ශරීරයට ලබාදුන්න ද ඒ ඔබට ඔබේ මුව ආවරණය ,මීටරයේ පරතරය ,සමාජ දුරස්ථභාවය යන උපදෙස් නොපිළිපැද සිටීමට ලැබෙන අවසර පත්‍රයක් නොවන බවත් කාරුණිකව අවධාරණය කරගත යුතුය.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings