Green Tea ඔබේ සෞඛ්‍යයට හිතකර ද ? Findit.lk
Green Tea ඔබේ සෞඛ්‍යයට හිතකර ද ?

සිහින් සිරු‍රක් කියන්නේ කාගේ කාගෙත් සිහිනයක් ! හැමෝගෙම බලාපොරොත්තුවක් ඉතින් අද වර්තමානයේ සිහින් සිරුරක් කිව්ව ගමන් ගොඩක් දෙනා අතර ජනප්‍රිය දෙයක් තමයි මේ හරිත තේ එහෙමත් නැත්තම් අපි කියනවා '' green tea '' 

ඇත්තටම මේ green tea වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවද ? green tea කියන තරම්ම ශරීරයට හිතකරද ? අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ මේ ගැන. 


green tea ගන්නේ කොහොමද ?

හැමදේම අතේ දුරින් තියෙන මේ කාලේ ඔබට green tea එකක් උනත් ගන්න ලේසිම තැනක් තමයි සුපර්මාකට් එක. හැබැයි ඉතින් සුපර් මාර්කට් එකෙත් green tea ඔබට ගන්න ලැබෙන්නේ tea bags විදිහටනේ. නමුත් Green Tea වල තියෙන හොඳම ගුණය ලබා ගන්න නම් Bag විදිහට නැතුව තියෙන Green Tea Packet එකක් ගන්න. එහෙම නැත්නම් ඔයා ගෙදරදීම Green Tea හදා ගන්න. මොකද Green Tea Packet කරනකොට ඒකේ තියෙන සමහර පෝෂණ කොටස් අඩු වෙනවා. ඒක නිසා ඔබට කරන්න පුළුවන් තේ කොළ අරගෙන ඒවා බොන්න ගන්න. කඩෙන් ගන්නවට වඩා ඔබට එකෙන් හොඳ Result එකක ගන්න පුළුවන්. 


හදන විදිහත් හරිම වැදගත් ?

ඔබ Green Tea බොනකොට සීනී දාලා බොන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් දන්නවද ඔබ කරන්නේ වැරැද්දක් බව. සීනී කියන්නේ ඔබේ ශරීරයට සුබදායක දෙයක් නම් නෙවෙයි. සිහින් සිරුරක් ලබා ගන්න සිහින දකින ඔබ Green Tea සීනී නොදා පානය කරන්න පුරුදුවෙන්න. ඒ විතරක්ම නෙවෙයි එක් එක් Green Tea වර්ග සකස් කිරීමේදී Boil කරන වෙලාව වගේම වතුරේ Temperature එකත් වෙනස් වෙනවා. අන්න ඒ නිසා ඔබ ගන්න Green tea එකේ තියෙන Instructions හරියටම බලන්න ඕනී.


දවසට කී පාරක් බොන්න අවශ්‍ය ද ?

සාමාන්‍යයෙන් කියන්නේ නම් එක දවසකට Green Tea Cup 03 විතර බොන්න කියලා. ඉක්මනින් බර අඩු කර ගන්න ඊට වඩා ප්‍රමාණයක් බොන අය හිටියත් ඒකෙන් වෙන වෙන Side Effect ඇති වෙනවා. ඒ කියන්නේ ලොකු ලොකු බය වෙන තරම් දේවල් නෙමෙයි. නින්ද යන්නේ නැති එක සහ Gastritis වගේ දේවල් ඇති වෙන එක තමයි වෙන්නේ. නැත්නම් හරියටම Green Tea බොනවා නම් කන ගමන් තමයි ගන්න ඕනී. ඒකත් ඉතින් Gastritis තියෙන අය නම් කරන්න එපා. මොකද එකෙන් ඔයාගේ Gastritis තත්වය වැඩි වෙන්න පුළුවන් නිසා.

එහෙම නැත්නම් පිළිකා, දියවැඩියා සහ මොලයේ වර්ධනය ගැන හිතලා ඔයා Green Tea බොනවා නම් කෑම අරගෙන පැය 02කට විතර පස්සේ තමයි බොන්න හොඳම

අනිත් වැදගත්ම දේ තමයි උදේ නැගිට්ට ගමන් නම් Green Tea බොන්න එපා. ඒකෙන් ඔයාගේ Body එක Dehydrate වෙලා ක්ලාන්තය නැත්නම් කරකැවිල්ල වගේ අපහසුතා ඇති වෙනවා .ඒ නිසා අනිවාර්යයෙන් ඒ ගැනත් හිතන්න.


ඔබ Green Tea එකක් ගන්නවා නම් ?

කුරුඳු ,ගොරකා ,සුදු ළූනු ,Green Tea අඩංගු වෙලා තියෙන Green Tea එකක් තමයි ගන්න ඕනී.

මේ දේවල් වලින් ඖෂධීය ගුණයක් ලැබෙනවා වගේම ඔබේ සිරුරේ තියෙන අනවශ්‍ය මේදය , කාබොහයිඩ්රේට් දහනය කරලා, බර අඩු කරලා නම්‍යාශීලී සිරුරක් ලබා දෙනවා.

වෙළඳපොළේ තියෙන සමහර Green Tea වල, Green Tea වලට අමතරව වෙනත් Ingredient වර්ග එකතු කරලා තියෙනවා. ඒකෙන් Slim වෙන එකට අමතරව තවත් Benefit ගන්න පුළුවන්.


ඉතින් Green Tea පානය කරන ඔබත් මේ දේවල් දැනගන්න ඒ වගේම අනිත් අයත් එක්කත් මේ විස්තර බෙදාගන්න අමතක කරන්න එපා. 



July 10th 2024