Self love වලින් ගොඩයන්නේ කොහොමද ? Findit.lk
Self love වලින් ගොඩයන්නේ කොහොමද ?

ඔබ මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනා කවුද ? මේ ප්‍රශ්නය මන් ඔබෙන් ඇහුවොත් ඔබ විවිධාකාර පිලිතුරු ලබා දෙයි. අම්මා , තාත්තා , බිරිඳ , දරුවන් , පෙම්වතා හෝ පෙම්වතිය මේ අය ඔබේ පිලිතුරු අතර අනිවාර්‍යෙන්ම ඉන්න අය. එතකොට ඔබ ? ඔබ ඔබට කොතරම් ආදරේ කරනවද ? මොහොතකට හිතන්න ඇත්තටම ඔබ ඔබට කොයිතරම් ආදරේ කරනවද කියලා. වර්තමානේ බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ අඩුපාඩු දකින්න පුරුදු වෙලා තියෙනවා. තමන් විසින්ම තමන්ව පහතට දමාගන්න මිනිස්සු ඕනෑ තරම් අද සමාජයේ දකින්න පුලුවන්. ඉතින් අද මේ කතාව අන්න ඒ අයට. අපි බලමු කොහොමද අපි අපිට ආදරේ කරන්න ඕන කියලා. කතාවටත් කියනවානේ Self love is the best කියලා. එහෙනම් අද අපි බලමු කොහොමද Self love හරියටම පවත්වා ගන්නේ කියලා.


01. අනිත් අයගේ life එකත් එක්ක ඔබේ life එක compare කරන්න එපා.


අද වර්තමානයේ බොහෝ දෙනා තමන්ගේ ජීවිතය අනිත් අය හා සන්සන්දනය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒකෙන් සිද්ධ වෙන එකම දේ ඔබට ඔබේ මානසික නිදහස නැතිවෙන එක විතරමයි. තමන්ගේ ජීවිතයට ආදරය නොකර කෙනෙක් මුලින්ම කරන දේ තමයි තමන්ව අනිත් අය එක්ක සන්සන්දය කරන එක. ඔබ ඔබේ හැකියාවන් කුසලතාවන් අදුරගන්න ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වැඩ කරන්න. මොකද ඔබට තියෙන හැකියා සහ කුසලතාවන් තව කෙනෙක්ට නොතිබෙන්න පුලුවන්. ,මොකද කිසිම වෙලාවක කිසිම කෙනෙක් තමන් වගේ නොවන නිසා. ඒ නිසා මතක තියාගන්න ඔබ වගේ අය මේ ලෝකයටම ඉන්නේ ඔබ පමණක්ම බව. ඒ නිසා ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න.


02. ඔයාට තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්න.


තමන්ට තමන්ව හදුනා ගන්න බැරිවෙන තාක් කල් ඔබට ඔබේ වටිනාකම මැනගන්න ලැබෙන්නෙ නැහැ. තමන්ට තමන් වටින බව දැනුනොත් එතැන් පටන් ඔබ, ඔබ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඔබ ඔබේ හැකියාවන් අදුනගෙන ඔබේ හැකියාවන්ගෙන් අන් අය වෙනුවෙන් සේවය කරන්න එවිට ඔබටම ඔබ ගැන ආඩම්බර හිතේවී. ඔබ ඔබටම ආදරය කරන්න පටන් ගනීවී. 

03.අධෛර්යමත් වෙන දේවල් මඟ හරින්න


ඔබ ඔබටම ආදරය කරන්න මොන තරම් try කලත් සමහර negative දේවල් ඔබව අධෛර්යමත් කරනවා වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔබේ යාළුවෝ වගේ act කරන සමහර පුද්ගලයින් ඔබේ වටිනාකම අවතක්සේරු කරන්න try කරයි. ඔබේ සතුට අතුරුදන් කිරීමට try කරන පුද්ගලයින් ඔබව අවතක්සේරු කරද්දි ඔබට ඔබ තුල ඇති වටිනාකම් නොපෙනී යනවා. ඒ වගේ පුද්ගලයින්ගෙන් ඈත් වීම නුවනට හුරුය.


04. Fail වීම් භාරගන්න.


Fail වීම සාමාන්‍ය දෙයක්.Life time එක තුල fail වුණේ නැති පුද්ගලයෙක් නැති තරම්.වැරදීම් තුළින් life එක ගොඩ නංවා ගැනීමත් ගොඩක් වැදගත්.ඒත් ගොඩක් දෙනෙක් කරන්නේ තමන් fail වුණාම ඒ ගැන දුක් වෙමින් තමන්ටම blame කරගෙන තමාවම අවතක්සේරු කර ගැනීමයි.Fail වීම් තුළින් life එක ජය ගත් මිනිසුන් පිළිබඳව අධ්‍යයනය කරන්න. ඔබේ සිතට ශක්තිය ගන්න. Fail වීම් තුළින් හැමවෙලාවෙම දෙයක් learn කරන්න.වැරදුන තැන හඳුනාගෙන මීළඟ උත්සහයේදි එම වරද නොකර සිටින්න. 


05. ඔයාගේ aim එක අමතක කරන්න එපා.


අපි හැමෝටම එක එක විදියේ dreams තියෙනවා. ඒවා aim බවට පත් කරගෙන,එම aim නොවෙනස්ව තබා ගන්න. අභියෝග එනකොට කම්මැලිකමක් දැනෙනකොට තමන්ගේ aim අමතක කරලා වෙන වෙන දේවල් පස්සේ දුවන පුද්ගලයෙක් කියන්නේ තමන්ගේ life ආදරය කරන කෙනෙක් නෙවෙයි. මේ නිසා තමන්ගේ aim වලට කෙසේ හෝ යාමට try කරන්න.


මෙන්න මේ දේවල් එක්ක ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මහන්සිවෙන්න. කවුරු ඔබට ආදරය කලත් නොකලත් ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න. 

July 10th 2024