Rhonda Byrne යනු ලොවපුරා පාඨකයන්ගේ ජනාදරයට පාත්‍ර වූ සුවිශේෂී රචකයෙකි.The secret වැනි ලොව පුරා භාෂාවන් 50කට ආසන්න සංඛ්‍යාවකට පරිවර්තනය වූ කෘතිය රචනා කිරීමේ ගෞරවය හිමිවන්නේද Rhonda Byrneටය.ගෝලීය වශයෙන් මිලියන ගණනක් ජීවිත වෙනස් කළ ලේඛකයෙක් වන Rhonda Byrne ශේෂ්ඨතම රහස හෙවත් The Greatest secret කෘතිය රචනා කරන්නේද ඊටත් සුවිශේෂී වූ ජනප්‍රියත්වක් හිමිකර ගනිමිනි.සිත තුළ ඇති දුක් වේදනා අතැර ඔබගේ සිහිනවලට,සිතිවිලිවලට ජීවිතය සතුටින් විදහා දැක්වීමට මෙයින් අදහස් ලබාදෙයි..ඒවා ශේෂ්ඨතම රහස් වන්නේ එහෙයිනි...
01) Our entire world your life , and everyone elese's life ,is nothing more than a dream :
සිහිනවලට වඩා වැඩි දෙයක් අපේ ජීවිත තුළ නොවේ.සිහින යනු පුද්ගල ජීවිත කාලය පුරාම දකින්නකි.ඇතිවන්නකි.එනම් සිහින හඹා යාම තරම් වැඩි යමක් පුද්ගල ජීවිත තුළ දැකිය නොහැකිය.නින්ද සහ අවදිවීම අතර කාලය තුළ පමණක් ඔබ ජීවත්වීම කිසිසේත්ම මෙයින් අදහස් නොකරයි.ලෝකය විශාලය.ඔබට දැකිය හැකි සිහිනත් ඒ සා විශාලය.
02) The habit of believing our own thoughts robs us of being able to live in the magnificence and glory of who we really are :
අපේ සිතිවිලි විශ්වාස කිරීමේ පුරුද්ද ඇති කරගන්න.සියල්ලට ප්‍රථම ඔබ ඔබවම විශ්වාස කිරීම ආරම්භ කරන්න.ඔබ තුළ ඇති සිතිවිලිවලට ශක්තිමත් ලෙස වැඩෙන්නට ඉඩ ලබාදෙන්න.ඔබ තුළ ඇති සිතිවිලි කාන්දමක් මෙන් විශ්වයට ආකර්ෂණය වේ.එනිසාම ඔබ සිතිවිලි විශ්වාස කිරීමේ පුරුද්ද නිරායාසයෙන්ම ඇති කරගන්න.
03) Problems are not real :
ප්‍රශ්න සැබෑ දේවල් නොවේ.ඔබට මට ඇති ප්‍රශ්න යනු සැබෑ දේවල් නොවේ.හුදෙක් ඒවා අපි විසින්ම මනස තුළ නිර්මාණය කරගත් ඒවා විය හැකිය.අවශ්‍ය වන්නේ ප්‍රශ්න තුළම නොසිට එයින් ඉවත්වීමේ ක්‍රම සෙවීමයි.ප්‍රශ්න මතම ජීවිතය තීරණය කිරීමට ඉඩ දෙනවාද යන්න ඔබේ තේරීමකි.
04) To expose your beliefs ,be aware of your reactions :
ඔබේ විශ්වාසය හෙළිකිරීමට ඔබේ ප්‍රතික්‍රියා ගැන සැලකිලිමත් වන්න.ඔබ තුළ ඇති විශ්වාසයන් ඔබ දක්වන ප්‍රතික්‍රියා මත තීරණය වේ.එනිසාම ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඔබේ ප්‍රතික්‍රියා පිළිබඳවයි.
05) You are happiness :
වැදගත් වන්නේ ඔබ ඔබේ සතුටයි.සතුට යනු ඉලක්ක සැපිරීම හෝ ද්‍රව්‍යමය වශයෙන් තත්වයන් ළගා කරගැනීම නොවේ.එය පුද්ගල අභ්‍යන්තරයෙන්ම ඇතිවන්නකි.සතුට යනු අපේ සැබෑම තත්වය වන අතර එය අපිට ඇති ස්වභාවික අයිතියක් ද වේ.එනම් උපතින්ම හිමිවූවකි.සතුට, ඔබට ඔබවම පෙන්වාදෙයි.ඔබ දැනටමත් සතුටින් නම් අනවශ්‍ය ලෙස ඔබ සතුට සෙවිය යුතු නොවේ.ජීවිත කාලය පුරාවටම අප සොයන එකම දෙය අප බව පැහැදිලිව තේරුම් ගැනීම වැදගත් බව මෙහි සදහන් වේ.එනම් අපිට අපි හමු වූ තැන සදාකාලික සතුට පවතින බවයි.
06) There is only one thing that causes unhappiness , attachment :
අසතුටට හේතු වන එකම දෙය අතාරින්න.ඔබ ඔබම වී බලන්න.එවිට ඔබේ අසතුටට හේතු වන එකම දෙයක් හෝ ඇත්නම් එය ඔබ අත්හළ යුතු දෙයයි.අප ආදරය කරන කුමන හෝ යමක් අහිමි වේ යැයි අනිසි බියක් අප තුළ පවතියි.එය අප තුළ ඇති සතුට පැහැරගනියි.තදින් අල්ලාගෙන සිටීම අප තුළ ඇති ධනාත්මක ශක්තිමත් බව පැහැරගනියි.එනිසාම මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුවමනාවන්ට ඔබේ සතුට පැහැරගැන්මට ඉඩ නොදෙන්න.
07) The world ,the universe ,and everything in it ,including your body ,are in awareness :
ලෝකය ,විශ්වය ඔබේ ශරීරය ඇතුළුව එහි ඇති සෑම දෙයක් පිළිබඳවම දැනුවත් ය.ඔබ තුළ ඇති ශක්තිය හදුනාගැනීම වැදගත් වේ.අප වෙසෙන්නේ අසීමිත විශ්වකයි.අපිට අවශ්‍ය සියල්ලෙන්ම එය පිරී ඇත.අවශ්‍ය වන්නේ අපි ඒවා ළගා කරගැනීමයි.ඔබ විශ්වයයි.විශ්වය ඔබයි.
08) There is no such thing as death as we think of it :
අපි සිතන තරම් මරණය වැනි දෙයක් නොමැත.පුද්ගල ශරීරය මියගියත් ආත්මය මරණය ස්පර්ශ නොකරයි.මරණය යනු අපි දකින සිහිනවල අවසානය පමණි.මරණයට ඇති බිය පුද්ගල සිත අපිරිසුදු කරන්නකි.
09) Time is relative , ultimately ,there's really no such thing as time :
කාලය සාපේක්ෂයි.එහි ආරම්භයක් හෝ අවසානයක් දැකිය නොහැකිය.මේ පුහුණුව නිරායාසයෙන්ම ඔබට මනසට සැහැල්ලුවක් සහ සුවදායි බවක් ගෙනෙනු ඇත.
10) A simple way to stay as awareness ; open your attention wide :
දැනුවත්ව සිටීම වැදගත්ය.දැනුවත් බව හැර වෙනත් විකල්පයක් ලොව නොමැත.අපි දකින සහ අත්විඳින සෑම දෙයක්ම මනස තුළ නිර්මාණය වේ.ඔබ දැනුවත්ව සිටින්නේද යන්න ඔබෙන්ම විමසන්න.ඔබට ඔබම වීමට ඉඩ දෙන්න.
මේ ශේෂ්ඨතම රහස් ඔබට ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් නිරායාසයෙන්ම හේතුවනු ඇත.එය හුදෙක් භෞතික සාර්ථකත්වයක් නොව ආධ්‍යාත්මිකවම ඔබ ලබන සැබෑ සාර්ථකත්වයයි.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings