ඔබ වටේ ඉන්නෙත් මේ වගේ පස්දෙනෙක්ද BuzzFeed.lk
ඔබ වටේ ඉන්නෙත් මේ වගේ පස්දෙනෙක්ද



නිකමට හිතලා බලන්න ජීවිතේ ඔයාට ළඟම පස්දෙනා මොනවගේ අයද කියලා.සාමාන්‍යයෙන් ඔවුන්ගේ ගතිගුණ ,ඔවුන්ගේ සිතුවිලි ,බලාපොරොත්තු යනාදිය පිළිබඳව ටිකක් සැලකිලිමත්ව හිතුවොත් ඔබට ඔවුන්ගේ චරිතය ගැන යම් අදහසක් ගැනීමට හැකිවේවි.මේ ලිපිය තුළින් කතා කරන්න සූදානම් වන්නෙ ඔබට ඔබේ ළඟම සිටින සමීපතමයන් පස්දෙනා තෝරාගැනීම පිළිබඳව.මන්ද ඔබට සාර්ථක වීමට නම් ඔබ ඇසුරු කරන පිරිසත් බෙහෙවින් වැදගත්.ඇතැම් විට ඔබ ගන්නා තීරණවලට ඔවුන්ගේ බලපෑම වක්‍රව හෝ සෘජුවම ලැබිය හැකියි....


01) පොත්පත් කියවන්නෙක් :

ලෝකය පිළිබඳව ඔබ අප නොදත් බොහෝ දෑ පොත්පත් තුළ සැගව තිබේ.ඔබ කියවීමට කම්මැලි අයෙක් නම් පොත්පත් ඇසුරෙහි සිටින සගයෙක් ඔබේ ඉදිරි ගමනට ශක්තියකි.දැනුම පමණක්ම නොව පරිණත බවකින් යුතුව ජීවිතයට මුහුණ දීමට ඔවුන් ඔබට හයියක් වනු ඇත." පිරුණු කළේ දිය නොසෙලේ " යන්න ඔබත් අසා ඇති.එසේ නම් ජීවිතයට එන ප්‍රශ්න හා අභියෝග හමුවේ නොසැලී තීරණ ගැනීමට ඔබ සමග සිටිනා මේ සගයා උපකාර කරයි.


02) නිර්මාණකරුවෙක් :

ජීවිතය යනු හුදෙක් යන්ත්‍රානුසාරයෙන් ගෙවෙන්නක් ලෙස පැහැදිලිව පෙනුන ද එය එසේ නොවේ.එනම් ජීවිතයට වින්දනයක් අවැසිය.එය ඔබේ හිතට සැහැල්ලුවක් ,තෘප්තියක් ළඟා කරයි.කවිය ,ගීතය ,සිනමාව ,වේදිකාව යනාදියට වඩාත් සමීප නිර්මාණශීලී සිතුවිලි සහිත සගයෙක් ඔබ සමග ඇත්නම් එය ඔබට සහනයකි.ජීවිතය තුළ අසීමිතව වෙහෙසට පත්ව ඇති ඔබට සියුම් වින්දනයක් ඉන් ලැබෙනු ඇත.


03) දිරිගන්වන්නෙක් :

කඩාවැටුනහොත් ඔබට හැකි බව පවසමින් යළි නැගීසිටිමට සවිමත් උරබාහු සහිත අයෙක් සිටීම වැදගත් වේ.මේ කියන්නෙ සිතිවිලිවලින් සවිමත් දිරිගන්වන්නෙක් පිළිබඳවයි.ඔබ වැටෙන මොහොතක් පාසා ඔබ සිටුවීමට හැකි මෙවන් මිනිසුන් සාර්ථකත්වය කරා ඔබ යන ගමනට සැබෑම ශක්තියකි.ආශිර්වාදයකි.ඔබ අඩියක් ආපස්සට ගන්න උත්සාහ කරන විට ඔහු ඔබට තව අඩි කිහිපයක් ඉදිරියට තබන හැටි උගන්වාවි.ඔබ සෘණාත්මක වන විට ඔහු ඔබට ධනාත්මක වීමට මගපෙන්වාවි.


04) අලුත් විදියට හිතන්නෙක් :

ලෝකය දිනෙන් දින ඉදිරියට යයි.එසේ නම් ඔබත් ඉදිරියටම යා යුතුය.ඔබේ සිතුවිලි අලුත් විය යුතුය.නැවුම් විය යුතුය.නමුත් ඔබ තවම යාවත්කාලීනව නැතිනම් ඔබේ සාර්ථකත්වයට හයියක් වීමට අලුත් විදියට හිතන සමීපතමයෙක් වටීවි.එය ඔබ ලබන ජයග්‍රහණයකි.


05) ආශිර්වාද කරන්නෙක් :

තරගකාරී ලෝකය තුළ වාසියට ළඟ සිටින ,ඔබ දිනන විට කකුලෙන් අදින ,ඊර්ෂ්‍යාව පිරුණු මිනිසුන් බොහෝ බව අත්දැකීම් තුළින්ම ඔබ අවබෝධ කරගෙන ඇති.එවන් පිරිස් අතර ඔබට ඔබේ ගමනට ආශිර්වාද කරන අයෙක් සිටියි නම් කෙතරම් හොඳද.එවන් සගයෙක් ඔබ ඔබේ ජීවිත කාලය පුරාවටම ලබන ආශිර්වාදයකි. 


එසේ නම් තේරීම ඔබ සතුයි.බුද්ධිමත් ලෙස ජීවිතය පිළිබඳව තීරණ ගන්නා ඔබට ,ඔබ ඇසුරු කළ යුතු සහ ඇසුරු නොකළ යුතු අය පිළිබඳව ද හොඳ වැටහීමක් තිබිය යුතුමයි.


find all important things you need for start your day with Findit.lk Business Feed Sri Lanka

December 23rd 2020