( 10 Powerful habits that will help you become the best version of yourself )
සාර්ථක වීම අභියෝගයක් බව සැබෑ වුවත් එය එතරම්ම අපහසු කාර්යක් නම් නොවේ.මේ කියන්න යන කරුණු කිහිපය ඔබට ඔබ තුළ ඇති ඔබේ හොඳම සංස්කරණය පිටතට ගැනීමට උපකාරී වේවි.
01) දවසේ වඩාත්ම වැදගත් කරුණු ලැයිස්තු කරන්න : වැඩ ගොඩක් දවස ඇතුළත කරන්න සැලසුම් කරන අපිට සමහරවිට ඉතාමත් වැදගත්ම සහ අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් මගහැරෙන්න තියෙන ඉඩ වැඩියි.එනිසාම දවස පටන් ගන්න පෙරම එදිනට කළ යුතු අනිවාර්ය රාජකාරි මුලින්ම සැලසුම් කිරීමට කටයුතු කිරීමට අමතක කරන්න එපා.
02) අවුරුදු 10ක පරීක්ෂණය භාවිතා කරන්න :සාර්ථක වෙන්න ඉක්මනින්ම බෑ.ඒකට සෑහෙන කාලයක් අවශ්‍යයි.බොහෝමයක් දුෂ්කරතාවන්ට මුහුණ දීමෙන් පසුව දිනෙක ඔබ සාර්ථක වූ පසු එසේ ඔබට මුහුණදීමට සිදුවූ අපහසුතා ගැන ඔබ සුළුවෙන් සිතාවි.එවන් සුළු අපහසුතාවක් නිසා එදා ඔබ ඔබේ රැකියාව හෝ ව්‍යාපාරය අතහැර දැමුවේ නම් එය කොතරම් අනුවණ ක්‍රියාවක්දැයි ඔබටම වැටහෙනු ඇති.අවම වශයෙන් වසර 10කවත් පරීක්ෂණයකට මුහුණ දීමට ඔබට සිදුවේවි.නමුත් ඉන් පසු බිහිවන්නේ වඩාත් සාර්ථක පුද්ගලයෙක් බවත් අමතක කරන්න එපා.
03) සිතිවිලි උද්දීපනය කරන වීඩියෝ නරඹන්න : ඔබට ඇති සීමිත නිදහස් කාලය වඩාත් ඵලදායි දෙයකට යෙදවිය හැකි නම් එය වැදගත් වේ.කියවීම හොඳ පුරුද්දක් බව සැබෑය.එමෙන්ම යූටියුබ් වැනි සමාජ මාධ්‍ය තුළ ඇති ඔබගේ මනසෙහි ඇති ධනාත්මක සිතිවිලි උද්දීපනය කරන අයෙකුගේ කතාවකට ඇහුම්කම් දීමත් එතරම්ම වැදගත් දෙයකි.
04) සෑම දිනයකම හරිත පානයක් :සෞඛ්‍ය සම්පන්න බව ගැන හිතන ඔබට මෙය කදිම ගැළපීමකි.එනම් කාර්‍යබහුලත්වය අතරතුරදීම එළවළු සහ පලතුරු ඔබේ සිරුරට ලැබෙනවා යනු ඉතාමත් හොඳ දෙයකි.ඒ ඔබේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලන පහසුම ක්‍රමයකි.
05) උදෑසනම වැඩ කරන්න :මේ නම් සාමාන්‍යයෙන් අපි කම්මැලිම දෙයකි .නමුත් උදෑසනම ඔබට ඔබව අවදි කර විය හැකියි නම් එය වඩාත් වැදගත් කරුණක්.උදෑසනම විනාඩි කිහිපයක් හෝ ඇවිදීමට කාලයක් වෙන්කරගන්න.එය ඔබේ සෞඛ්‍යමත් බවටත් කදිම විසඳුමක්.
06) හොඳ හැඟීමක් වඩවන පිරිසක් ඇසුරු කරන්න :ඔබ වටා සිටින පිරිස ඉතාමත් වැදගත්.ඔබට හොඳ හැඟීමක් ඇති කරවන කාර්‍යමණ්ඩලයක් සහ හිතවතුන් පිරිසක් ඇති කරගැනීමට උත්සාහ කරන්න.මිතුරන් හා පවුලේ හිතවතුන් වෙනුවෙන් කාලය වෙන් කරන්න.සෘණාත්මක ආකල්ප ඇතිකරවන පිරිස් ඇසුරු නොකිරීමට උත්සාහ ගන්න.ඔබේ හොඳම සංස්කරණය පිටතට ගැනීමට නම් ඔබ මෙය අනිවාර්යයෙන්ම කළ යුතුය.
07) අත්හදා බැලීම්වලට පක්ෂපාතී වන්න :යමක් සොයාගැනීමට නම් හොඳම ක්‍රමය වන්නේ අත්හදා බැලීමයි.ක්‍රියාත්මක වීමට පෙර පරීක්ෂා කරන්න පුරුදු වන්න.එවිට ඔබට ඔබේ හොඳම දෙය සොයාගැනීමට හැකිවනු ඇති.
08) සෑම දිනකම අලුත් දෙයක් ඉගෙනගන්න :ඉගෙනීම යනු කිසිදා නතර නොවන දෙයකි.එනිසාම සෑම දිනයක් තුළම යමක් ඉගෙනීමට උත්සාහ කරන්න.එක් හොඳ පුරුද්දක්,වෙනත් භාෂාවක් යනාදි වශයෙන් කුමන හෝ දෙයක් දිනකට ඉගෙනගන්න.වසරක් අවසානයේ ඔබටම ඔබේ ප්‍රගතිය තක්සේරු කළ හැකිය.
09) e-mail බලන්න වෙලාවක් :පැය තුනකට වරක්වත් ඔබ ඔබට ලැබී ඇති පණිවිඩ පරීක්ෂා කිරීමට කාලයක් ගන්න.ඉතාමත් හදිසි සහ අත්‍යාවශ්‍යයම දෙයකට හැරුණු විට ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න කටයුතු නොකරන්න.
10) වටිනාකමක් ඇති යමක් සටහන් තබන්න :ඔබ තුළ ඇති හොඳම අදහස් සටහන් තැබීම ඉතාමත් වැදගත්.සෑම උදෑසනකම හෝ රාත්‍රි කාලය මේ වෙනුවෙන් ඔබට වෙන්කරගත හැකියි.එය දිනපතාම සිදුකරන පුරුද්දක් බවට පත්කරගන්න.එවන් සටහන් බහාලුමක්ද සකස් කරගන්න.අවසානයේ ඔබට ඔබේ හොඳම අදහස් ක්‍රියාත්මක කළ හැකියි.
මේ ඔබට ඔබ තුළ ඇති හොඳම සංස්කරණය සොයාගැනීමට පුහුණු කළ හැකි සරල පුරුදු කිහිපයකි.මේ සාර්ථක වූවන්ගේ ක්‍රමයයි.එසේ නම් ඔබත් මෙය අනිවාර්යයෙන්ම උත්සාහ කර බලන්න.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings