ඔබව වෙනස් කරන මිනිත්තු දෙක BuzzFeed.lk
ඔබව වෙනස් කරන මිනිත්තු දෙක

ගොඩක් මිනිස්සුන්ට ඕනි ජීවිතේ වෙනස් කරගන්න.හැබැයි ඒ කිසිම කෙනෙක් කැමති නෑ තමන්ව වෙනස් කරගන්න.ඒ වගේම තමයි මිනිස්සුන්ට ගොඩක් හීන තියෙනවා.සැලසුම් තියෙනවා.අදහස් තියෙනවා.බලාපොරොත්තු ,අරමුණු ,ඉලක්ක වගේ තවත් බොහෝ දේවල් තියෙනවා.නමුත් ඒ සියල්ලම හුදෙක් වචන හෝ සිතුවිලිම පමණයි.නැත්නම් ඔවුන් දකින හීනම විතරයි.ඒවා කවදාවත් ක්‍රියාත්මක වන දේවල් නම් නෙවෙයි..


මේ ලිපිය කියවන ඔයාටත් ඒ වගේම ක්‍රියාත්මක නොවුණු තාමත් සිතුවිලි විදියට විතරක් තියෙන දේවල් ටිකක් ඇති.සමහරවිට අද පටන් ගන්න ඕනි කියලා හිතුවත් එක්කෝ හෙටම පටන් ගන්නවා කියලා කල් දාන මේ දේවල් ඇත්තටම ඔයා කොහොමද ,කවද්ද කරන්න පටන් ගන්නෙ.ඕනිම දෙයක් පටන් ගන්න තමයි අමාරු.ඊට පස්සෙ තියෙන්නේ දිගටම කරගෙන යන්න.නමුත් ඒක ආරම්භය තරම් අසීරු දෙයක් නෙවෙයි.ඉතින් මේ මිනිත්තු දෙකේ නීතිය ඔබට හොඳ ආරම්භයක් අරන් දෙයි...ඔයාට තියෙන්නේ දිගටම ක්‍රියාත්මක වෙන්න විතරයි ...


ආරම්භය තමයි වැදගත් :

ටිකක් විතර අපි කම්මැලි දෙයක් තමයි ව්‍යායාම්හි නිරතවීම කියන්නෙ.නමුත් ඒක අපිට අවශ්‍ය දෙයක්.දවසකට පැයක් දෙකක් මේ වෙනුවෙන් වෙන්කරන්න ඕනි කියලා අපි මොළයට පණිවිඩයක් දුන්නත් එය ඉතාමත් බැරෑරුම් දෙයක් ලෙස ගෙන මොළය විසින්ම ප්‍රතික්ෂේප කරයි.ඒ අපි පුරුදු කරලා තියෙන විදිය.නමුත් අපි මොළයට කීවොත් දවසට මිනිත්තු දෙකක් ව්‍යායාම කරන්න ඕනි කියලා ...ඇත්තටම ඒක විහිළුවක් විදියට බාරගනීවිද...


මේ තියෙන වසංගත තත්වය එක්ක ඔබට අවශ්‍යයි ඔබේ තියෙන දුර්වලතාවයක් හදාගන්න.කාලයක් තිස්සේ උත්සාහ කළත් අපි හිතමු තවම ඔබට ඉංග්‍රීසි විෂය අපහසුයි.ඉතින් පැය ගණන් තියෙන ක්ලාස්වලට වඩා මිනිත්තු දෙකක් දවසට ඉංග්‍රීසි විෂය වෙනුවෙන් වැය කරන්න ඔබට බැරිද ? සමහරවිට ඔබ දවසකට එක අලුත් වචනයක් ඉගෙනගනියි.එක වාක්‍ය රටාවක් පිළිබඳව දැනුම ලබයි.ඉතින් හිතන්න ..මේ විදියට ඔබ දිනකට මිනිත්තු දෙක බැගින් හැමදාම ඔබ ගන්නා උත්සාහය තුළ ඔබව වඩාත් හොඳ ඉංග්‍රීසි දැනුමක් සහිත අයෙක් බවට නිරායාසයෙන්ම පත්කරයි.


මේ තමයි මිනිත්තු දෙකේ නීතිය.වඩාත්ම වැදගත් වන්නේ ආරම්භය පමණයි.ඔබට අවශ්‍ය නම් මේ මිනිත්තු දෙක පැය දක්වා දිගු කළ හැකියි.දිනපතා ඔබ මේ කාර්‍යේ නියැලෙන විට ඔබටත් නොදැනීම ඔබ අතපසු කළ ,කම්මැලිකම නිසා අතපසු කළ වැඩ එකිනෙක සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔබට ලැබෙයි.


ජීවිතයට පුරුද්දක් :

ඕනිම දෙයක් දිනපතා ක්‍රියාත්මක කරනවා කියන්නෙම එය නොදැනීම පුරුද්දක් බවට පත්වීමයි.මේ විදියට ඔබ ව්‍යායාම කිරීමට ,ඉංග්‍රීසි ඉගෙනගන්න ,අලුත් දෙයක් ඉගෙනගන්න ,වගා කරන්න ,පොතක් ලියන්න ,පොතක් කියවන්න යනාදි වශයෙන් මෙතෙක් ඔබ කල් දැමූ බොහෝමයක් වැඩ මිනිත්තු දෙකක් හෝ කිරීමට යොමුවීමම වැදගත් නොවේද ....


ඉතින් එහෙනම් අදම ක්‍රියාත්මක වෙන්න.අමතක කරන්න එපා ..."ආරම්භය තමයි වැදගත්".යමක් ආරම්භ කළ ඔබට එය දිගටම ක්‍රියාත්මක කිරීම එතරම් අපහසු දෙයක් නෙවෙයි.

November 20th 2020