" ආකල්පයක් යනු විශාල වෙනසක් ඇති කරන කුඩා දෙයකි " යන ප්‍රසිද්ධ කියමන ඔබත් අසා ඇති.සැබවින්ම ආකල්පයක් යනු ඔබේ ජීවිතය තුළ ඉතාමත් විශාල ලෙස පැහැදිලි වෙනසක් ඇති කරන ඉතාම කුඩා දෙයකි.එය යම් ක්‍රියාවක් හෝ ඔබ තුළ ඇති සිතිවිල්ලක් ක්‍රියාත්මක කිරීමක් විය හැකිය.ඔබේ අරමුණ ජීවිතය සාර්ථක කරගැනීමට නම් ආකල්ප සංවර්ධනය කරගැනීම පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබිය යුතුය.
ආකල්පයක් යනු :
ආකල්ප ගොඩනැගී ඇත්තේ අප තුළම වේ.ඒවා සෘණාත්මක ආකල්ප මෙන්ම ධනාත්මක ආකල්ප ලෙස ද ක්‍රියාත්මක වේ.සාමාන්‍යයෙන් පුද්ගලයා තුළ ආකල්ප ගොඩනැගීම කෙරෙහි බලපාන සාධක කිහිපයකි.එනම් ,
1) අදහස් - Ideas
2) අතීත අත්දැකීම් - Past experience
3) ස්ව සංකල්ප - Self concept
4) යුතුකම් සහ වගකීම් - Obligations
5) අරමුණු - Objectives
6) මනෝභාව - Sentiments
යනාදියයි.මේවා අතුරින් ආකල්පයක් ගොඩනැගීම කෙරෙහි බලපාන ඉතාම කුඩා ඒකකය ලෙස පුද්ගල අතීත අත්දැකීම් දැක්විය හැකිය.ඒ අනුව ගොඩනැගී ඇති පුද්ගල විශ්වාස ,මතකයන් හා අගයන් මත ආකල්ප ගොඩනැගීම සිදු වේ.
උපතේ සිටම පුද්ගලයින් තුළ ආකල්ප වර්ධනය වීම සිදු වේ.එය තමන් වෙසෙන පරිසරයට ද සාපේක්ෂව සිදුවන්නකි.කුඩා කල සිටම අපට ඇහුණු දැනුනු කියවූ නැරඹූ ඇසූ මෙන්ම අපි ඇසුරු කළ පුද්ගලයින් ද මෙම ආකල්ප වර්ධනය වීම සදහා බලපෑම් කරයි.
නීති රීති :
අප විසින්ම හදාගත් නීතිරීති නිසාවෙන් අප තුළ ගොඩනැගුණු ආකල්ප දැකිය හැකිය.උදාහරණ ලෙස සල්ලි ගොඩක් තිබුණොත් විතරයි මට සතුටින් ඉන්න පුළුවන් ,ආදරේ කරන්න කෙනෙක් හිටියොත් විතරයි මට සතුටින් ඉන්න පුළුවන් ,ලොකු විවාහ උත්සවයක් ගන්න පුළුවන් වුණොත් විතරයි මට සතුටින් ඉන්න පුළුවන් ....යනාදි වශයෙන් ඔබ ඔබ තුළම නිර්මාණය කරගත් නීතිරීති නිසාවෙන් ඔබේ ආකල්ප වෙනස් විය හැකිය.
පරම ධනය සතුට ලෙස අපි අසා කියවා ඇති නිසාවෙන් මේ සියල්ලටම පෙර අපි සතුටින් සිටීමට හේතු සෙවීම යෝග්‍ය වේ.ඒ අනුව ඉහත දැක්වූ ආකාරයට ඔබ තුළ ඇති ඔබ වෙනුවෙන් ඔබ විසින්ම නිර්මාණය කරගත් නීතිරීති මොනවාදැයි අවබෝධ කරගන්න.එවන් නීතිරීති ඔබෙන් දුරස් වූ විට ඔබට සතුටින් සිටිය හැකිය.
මුදල් අවශ්‍ය බව සිතමින් සෘණාත්මක ආකල්පවලින් වැසුණු ඔබේ මනසට මුදල් නැතත් ලැබෙන හැටියට උත්සාහය මත ඔබ සාර්ථක වන බවට ආකල්පයක් ඇති කරගන්න.සතුට ඇත්තේ මුදල් මතම නොවන බවත් ඔබ තුළ ඇති සතුටු විය හැකි වෙනත් විකල්පයන් ගැනත් අවධානය යොමු කරන්න.ඔබට ලැබී ඇති දේවල් පිළිබඳව සතුටු වීමට උත්සාහ කරන්න.එකවර විශාල මුදලක් නොලැබුණත් ඔබට ලැබෙන රුපියල පිළිබඳව හෝ සතුටුවීමට හොඳ ආකල්පයක් මනස තුළ නිර්මාණය කරගන්න.
සරලවම කිවහොත් සතුට රැදී ඇත්තේ මුදල් ,යානවාහන ,විවාහය මතම නොවේ.එය රැදී ඇත්තේ ඔබ දරන ආකල්ප මතයි.සුළග ,මල් ,ගහකොළ යනාදිය තුළ ද ගැබ්ව ඇත්තේ සතුටයි.ඉතාමත් කුඩා දෙයින් සතුටුවීමට ඔබ උත්සාහ කරන්න.එවිට ඔබට සාර්ථකත්වය කරා යන ගමන අනවශ්‍ය වෙහෙසකින් තොරව යාමට හැකිය.
find all the important things you need to start your day with Findit.lk Business Feed Sri Lanka
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings