ඩයට් කරන ඔබට Low-Carb රෙසිපි තුනක් Findit.lk
ඩයට් කරන ඔබට Low-Carb රෙසිපි තුනක්

ඉන්න ටිකේ කාලා බීලා හොඳට ජීවිතේ විදින්න ඕනී කියලා හිතපු ඔබ දැන් මේ මොකද කෙට්ටු වෙන්න ක්‍රම හොයන්නේ ? හිතේ හැටියට පැණිරස , සීනී , තෙල් කාපු ඔබට දැන් කෙට්ටු වෙන්න ඕනද ? ඔබ ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන කෙනෙක් නම් අපි මේ කියන්න යන්නේ ඔබට වටින සුපිරිම රෙසිපි කිහිපයක් ගැන. ඩයට් කරන හැමෝටම වැදගත් වන low carb රෙසිපි ටිකක් තමයි මේ. අපි බලමු. 


01. කිටෝ එළවළු සුප්


අවශ්‍ය ද්‍රව්‍ය 

කැරට් ග්‍රෑම් 50

බෝංචි ග්‍රෑම් 50

ගෝවාමල් ග්‍රෑම් 50

තක්කාලි ග්‍රෑම් 30

ළූණු කොළ ග්‍රෑම් 25

ළූණු ග්‍රෑම් 20

සුදුළූණු බික් 2

ඉඟුරු මේස හැඳි 1

චිකන් ස්ටොක් කෝප්ප 1

බිත්තර 1

දෙහි

ලුණු හා ගම්මිරිස්කුඩු


සාදන ක්‍රමය 


එළවළු ඔක්කොම පොඩියට කපාගන්න. 

වතුර කෝප්ප එකක් එක්ක ළූණු කොළ හැර අනික් ඔක්කොම එළවළු ටික දාලා තැම්බෙන්න තියන්න. 

එළවළු තැම්බුනාම මේකට චිකන් ස්ටොක් එක එකතු කරන්න. 

නටනකොට බිත්තරය කඩලා මේකට එකතු කරලා හැඳිගාන්න. 

රස අනුව ලුණු දාගන්න. අන්තිමට ළූණු කොළ ටික දාලා ලිපෙන් බාගන්න. 

බොන්න කලින් දෙහි හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.

 මෙහි මුළු කැලරි ප්‍රමාණය – 170kcal


02. ඕට්ස් ඔම්ලට්


අවශ්‍ය ද්‍රව්‍ය 

ඕට්ස් ග්‍රෑම් 30

බිත්තර 2

චොප්කරගත් ළූණු ගෙඩි 1

චෙඩාර් චීස් ග්‍රෑම් 30

ලුණු

තෙල් තේ හැඳි 1/2ක්


සාදන ක්‍රමය 


මේ ඔක්කොම දාලා හොඳට විස්ක් කරගන්න. 

රස අනුව ලුණු දාගන්න. 

පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට ඔම්ලට් එක දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

මෙහි මුළු කැලරි – 380 kcal


03. කෝලිෆ්ලවර් රයිස්


අවශ්‍ය ද්‍රව්‍ය 

ගෝවාමල් ග්‍රෑම් 500

බිත්තර 1

චොප්කරගත් ළූණු ගෙඩි 1

ග්‍රේට් කරගත් කැරට් අල 1

ලුණු හා ගම්මිරිස්කුඩු

කෑලි මිරිස් ස්වල්පයක්

ඔලිව්තෙල් මේස හැඳි 1

කුරුඳු පොතු කෑල්ලක්

කහකුඩු තේ හැඳි 1/4

චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්


සාදන ක්‍රමය


මුලින්ම ගෝවාමල් වලට කහ හා ලුණු ටිකක් දාලා තැම්බෙන්න තියන්න. 

තැම්බුනාම වතුර මිරිකලා හොඳට චොප්කරගන්න. 

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. 

ඊළඟට කරපිංචා, කුරුඳු, කෑලිමිරිස් හා ගම්මිරිස්කුඩු, කැරට් ටික දාගන්න. 

කලවම් කරලා බිත්තරය එකතු කරන්න. 

අන්තිමට තම්බාගත් ගෝවාමල් ටික දාලා කලවම් කරගන්න. 

රස අනුව ලුණු එකතු කරගන්න


ඩයට් කරන ඔබට වටින මේ රෙසිපි ඔබත් ට්‍රයි කරලා බලලා රස ගුණ අපිටත් කියන්න.

මේ වගේ දේවල් දිගටම දැනගන්න අපේ වෙබ්සයිට් එකත් එක්ක එකතුවෙලා ඉන්න.

July 3rd 2024