තමා විසින්ම තමන් උදෙසා - Self care BuzzFeed.lk
තමා විසින්ම තමන් උදෙසා - Self care


අපි තවකෙකුට ආදරය කිරීමට පෙර අපි අපිටම ආදරය කළ යුතුයි.තවකෙකු රැකගැනීමට පෙර තමන් තමාවම රැකගැනීමට ක්‍රියාත්මක විය යුතුයි.එනම් ස්වයං රැකවරණය පුද්ගලයින්ට අත්‍යාවශ්‍යයම දෙයක් වන බව පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි.ඒ අනුව ස්වයං රැකවරණය යන්න ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ කතා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.


- Emotional care 

චිත්තවේග සම්බන්ධව ඔබට ඔබ පිළිබඳව ඇති රැකවරණය මෙයින් අදහස් කරයි.ඔබේ හැගීම් පාලනය ,චිත්තවේග බුද්ධිය සහ අනෙකා සමඟ ඔබට ඇති සන්නිවේදනය මෙහිදී වැදගත් වේ.මූලිකවම මෙහිදී ඔබ පිළිබඳව කතා කරන බැවින් ඔබට ඔබේ අවශ්‍යතා සපුරාලීමට ඇති දැනුවත් බව සහ ඔබ ඔබව හඳුනාගැනීම මේ යටතේ කතා කරයි.


- Mental care 

මානසික රැකවරණය පුද්ගල සංවර්ධනය තුළ තිබිය යුතුම කොටසකි.ඒ අනුව ඔබ ඔබවම විනිශ්චය නොකර තමාව පිළිගැනීම ,ආත්ම විශ්වාසය ,තමන් ගැන ඇති අභිමානය ,ඔබ දිනවන ධනාත්මක සිතිවිලි සහ මානසිකව ඇති සවිමත් බව මෙහිදී වැදගත් වේ.


- Educational care

ස්වයං රැකවරණය පිළිබඳව කතා කිරීමේදි වැදගත්ම කරුණු අතර අධ්‍යාපනය ඉදිරියෙන් සිටියි.අධ්‍යාපනය තුළ ඔබ කෙතරම් ඉදිරියෙන් සිටිනවාද සහ ඔබට ඇති අධ්‍යාපන ඉලක්ක වැදගත් වේ.ඔබ නිරත වන හෝ නිරතවීමට බලාපොරොත්තු වන රැකියා ක්ෂේත්‍රය පිළිබඳව ඇති දැනුම ,සමාජීය දැනුම ,තාක්ෂණික දැනුම යන සියල්ලම මේ යටතට ගැනේ.ඒ අනුව ඉගෙනුම යනු කිසිදු හේතුවක් නිසා නතර කළ යුතු දෙයක් නොවේ.කියවීමට යොමුවීම ද මෙහිදී වැදගත් වේ. 


- Financial care

මූල්‍ය හැකියාව ද පුද්ගලයා සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතුම ස්වයං රැකවරණයන් අතර වෙයි.එනම් තමාට තනිව වුව තම අවශ්‍යතා පූර්ණ කරගනිමින් ජීවත්වීමේ හැකියාව සහිතව මූල්‍ය ස්වාධීනත්වයකින් යුක්ත වීම මෙයින් අදහස් කරයි.සෑම විටම තමා උපයන මුදල් වියදමට පෙර ඉතිරිකිරීමට වගබලා ගැනීම වැදගත් වේ.එමෙන්ම ආයෝජනයන් කෙරෙහි යොමුවීමේ ඇති වැදගත්කමත් ,හදිසි අවශ්‍යතාවයකදි මාස කිහිපයකට සෑහෙන පරිදි වියදම් කිරීම උදෙසා මුදල් එකතුවක් තිබීමත් මූල්‍ය රැකවරණය යටතේ කතා කරයි. 


- Physical care

නිරෝගී බව පුද්ගලයා සතුව තිබිය යුතුම ස්වයං රැකවරණයන් අතර ඉදිරියෙන්ම සිටියි.ඔබ ගන්නා ආහාර රටාව පිළිබඳව සැලකිලිමත් වීම ,නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම ,දිනපතා ව්‍යායාම්හි නිරතවීම මෙහිදී වැදගත් වේ.නිරෝගිමත් බව උතුම්ම ධනය වන නිසාවෙන් ස්වයං රැකවරණයන් අතර ශාරිරික සුවතාවය වෙනුවෙන් ඔබ කරන ආයෝජනය නිරෝගිමත් අනාගතයක් සදහා ඔබව රැගෙන යයි. 


- Spiritual care

අධ්‍යාත්මික සුවය ද ස්වයං රැකවරණයන් අතර වැදගත් වේ.ඒ අනුව ආදරය, සතුට ,මානසික සුවදායි බව ,මානසික නිදහස පුද්ගලයින්ට අත්‍යාවශ්‍යයම කරුණු අතර වේ.භාවනා කිරීම ,යෝගා ව්‍යායාම කිරීම ,පරිසරය සමග ජීවත්වීම ,කලාත්මක නිර්මාණාත්මක දෑ කෙරෙහි යොමුවීම මේ යටතේ වැදගත් වේ.අනෙකාට ආදරය කිරීම ,සතුන්ට ආදරය කිරීම ,ඉවසීම යනාදිය ඔබට ස්වයං රැකවරණය සලසයි.


අනුන් රකින්න පෙර තමන් වෙනුවෙන් තමා රැකිය යුතුය.එය ජීවත්වීමේ කලාව තුළ ඇති තවත් එක් නීතියකි.එසේ නම් ඔබත් සියල්ලට පෙර ඔබේ ස්වයං රැකවරණය පිළිබඳව සැලකිලිමත් වීමට උත්සාහ ගන්න.සාර්ථක වීමට එය ඔබට මගපෙන්වාවි.

December 23rd 2020