ඕනිම කෙනෙක් කැමතිම දෙයක් තමයි ධනාත්මකව වැඩ කරන එක.ධනාත්මක සිතුවිලි සහිත වීම,ධනාත්මකව ක්‍රියාත්මක වීම,ධනාත්මක ආකල්ප යනාදි වශයෙන් ඔබ ඔබෙන්ම බලාපොරොත්තු වන ධනාත්මක කරුණු රැසකි.නමුත් වැඩක නිරතවීමේදී එය ආරම්භයේ පැවති ධනාත්මක බව ඔබ සතුව තිබෙනවාද ? එසේ තිබෙනවා නම් බොහෝමයක් වැඩ කටයුතු අතරමග නතර වන්නේ ඇයි ? ආරම්භයේ පැවති ධනාත්මක බව අතරමගදී ගිලිහී යන්නේ ඇයි ? මෙවැනි ගැටලු රැසක් ඔබටත් ඇති.
ප්‍රධාන වශයෙන් ඔබ තුළ ඇති ධනාත්මක සිතිවිලිවලට වැට බඳින හේතු කිහිපයක් හඳුනාගත හැකිය. මේ සටහන ඒ ගැනයි..
01) වැඩ කල් දැමීම
ධනාත්මක ආකල්ප දුරලන ප්‍රධාන කරුණක් ලෙස මෙය දැක්විය හැකිය.එනම් මෙය කම්මැලිකම නම් නොවේ.කම්මැලිකම නම් ඔබට කිසිදු දෙයක් කිරීමට නොහැකිවනු ඇත.වැඩ කල් දැමීම යනු ඉදිරියට තවත් කාලය ඇතැයි සිතමින් වෙනත් වැඩවල නියැලෙන ඔබ ඔබට ඇති වැදගත්ම වැඩ අතපසු කිරීමයි.ඒවා ඉදිරියට කල් දැමීමයි.
මේ ඔබව ධනාත්මක සිතිවිලිවලින් මුදන එක් ප්‍රධාන කරුණකි.එලෙස කල් දැමීම නිසාවෙන් කාර්‍ය ආරම්භයේ ඔබට පැවති වුවමනාව සහ ශක්තිය ක්‍රමයෙන් ගිලිහෙනු ඇති.අවසානයේ දී ඔබ බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵලයක් නොලබන්නේ ද එහෙයිනි.
02) නිකරුණේ කාලය නාස්ති කිරීම.
කාලය යනු අපිට ඇති වටිනාම සීමිත සම්පතකි.එය නිකරුණේ නාස්ති කිරීම නොකළ යුතුම දෙයකි.කිරීමට ඇති දහසකුත් එකක් රාජකාරි මගහරිමින් කාලය අපතේ හැරීම නිසා අනාගතයට ඉතිරි වන්නේ පසුතැවීම් පමණි.ඔබ තුළ ඇති ධනාත්මක ආකල්ප දුරලන තවත් එක් කරුණක් ලෙස මෙලෙස කාලය නාස්ති කිරීම දැක්විය හැකිය.කාලය මෙන්ම අපතේ යන්නෙ ඔබ තුළ ඇති ධනාත්මක ආකල්ප බවත් අමතක නොකළ යුතුය.අද කළ යුතු දේ අදම කිරීමටත් මේ මොහොත හොඳම කාලය බව සිතමින් ක්‍රියාත්මක වීමටත් ඔබ පුහුණු වන්නේ නම් ඔබ තුළ සිටින ධනාත්මක පුද්ගලයා පිටතට ගැනීම පහසු කාර්‍යකි.
03) සන්සන්දනය කිරීම.
මේ ලෝකයේ ඇත්තේ විවිධ හැකියාවන් සහ ශක්තීන් පිරුණු මිනිසුන් වේ.ඔවුන්ට ඇත්තේ එකිනෙකාට සුවිශේෂී සහ වෙනස් හැකියාවන් බව පැහැදිලිය.එලෙස ඇති වෙනස් බව විවිධ බව නිසාම ලෝකය මෙතරම් සුන්දර තැනක් බවට පත්වී ඇත.සියල්ලම ඒකාකාරී වූවා නම් මෙය කෙතරම් උදාසීන ලෝකයක් වනු ඇතිද..
එසේ නම් අපි අපේ හැකියාවන් සහ දක්ෂතාවයන් එකිනෙකා හා සන්සන්දනය කිරීම ඵල රහිත බව ඔබට වැටහෙනු ඇති.ඔබට හැකි බව සිතමින් නිතරම ඔබ අගය කළ යුත්තේ ඔබවම පමණි.තවකෙකු සමග සැසදීම නොකළ යුතුම දෙයකි.බොහෝ දෙමාපියන් තම දරුවන් අනෙක් දරුවන් සමග සසදමින් ඔවුන් තුළ තමන් ගැන ඇති ධනාත්මක ආකල්ප දුරලන අවස්ථා ඔබ කොතෙකුත් දැක ඇති.අසා ඇති.ඒ විවිධත්වය බාරගැනීමට නොහැකි මිනිසුන්ය.
04) සෘණාත්මක සමීපතමයන්ගේ ඇසුර
ඔබ මදකට කල්පනා කර බලන්න ඔබ වටා සිටින්නේ කුමන ආකාරයේ ආකල්ප ඇති මිනිසුන්ද යන බව.ඔබ වටා ඇත්තේ සෘණාත්මක ආකල්ප සහිත මිනිසුන් නම් ඔබ කෙතරම් ධනාත්මක වීමට උත්සාහ කළ ද එය ඵල රහිත කාර්‍යකි.
එසේ නම් පළමුව ඔබ කළ යුත්තේ ඔබ වටා ඇති සෘණාත්මක ආකල්ප දරන්නන්ගෙන් දුරස් වීමයි.ඔබේ ළඟම හිතවතුන් ධනාත්මක සිතිවිලි ඇති අය වන තරමට ඔබත් ධනාත්මක මිනිසෙක් වනු ඇත.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings