2020 කියන්නෙම ආයෙම නෑවිත් තියෙන තරමට හොඳ යැයි හැගෙන වසරක්.එය ඒ තරම් සුබ නොවුණු වසරක් වීම ඊට ප්‍රධානතම හේතුවයි.ලෝකයම තම පාලනය යටතට ගත් කොරෝනා වසංගතය තවත් ඉදිරි වසර කිහිපයකටම තම බලය ව්‍යාප්ත කරන බව නම් විශ්වාසයි.එසේ නම් මේ එළඹීමට නියමිත වන්නේ වසංගතයට අභියෝග කරමින් ජීවිතය සාර්ථක කරගැනීමට අපි සටන් කළ යුතු වසරක ආරම්භයයි.සෞඛ්‍ය සම්පන්න බව මූලිකම අවශ්‍යතාවය මෙන්ම වගකීම බවට පත්කරගනිමින් අනාගත සැලසුම් ක්‍රියාත්මක කළ යුතු වසරයි 2021…
– 2020 අතහැරුණු තැන් :පවතින තත්වය හමුවේ මේ වසර තුළ ඔබට අතහැරුණු දේවල් බොහෝමයක් ඇති.ඇතැම් විට ඒ ඔබ අනිවාර්යයෙන්ම සපුරාලිය යුතු ඉලක්ක වන්නටත් පුළුවන්.එසේ නම් නව වසර ආරම්භයේම ඔබ කළ යුත්තේ මේ වසර තුළ ඔබට අතහැරුණු දේවල් මොනවාද යන්න ලැයිස්තුගත කරමින් ඒවා සම්පූර්ණ කිරීමට නියමිත කාල රාමුවක් සකසා ගැනීමයි.එමෙන්ම අදාළ කාලය තුළ ක්‍රියාත්මක වීමයි.
– ධනාත්මක වීම :සෘණාත්මක ආකල්පයන් පිරුණු 2020 නව වසරටත් තවත් එක දිගුවක් නොවිය යුතුය.එනිසාම මේ ඔබ ධනාත්මක ආකල්ප වගාකළ යුතු වසරයි.ආපස්සට දැමූ අතපසු කළ සියලු වැඩවලට ලබන වසර හොඳ ආරම්භයක් කරගන්න.
– හැකියාවට තැනක් :ඔබ බොහෝ හැකියාවන්ගෙන් පිරුණු නමුත් එයින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන සිටින අයෙක් විය හැකියි.එසේ නොමැති නම් ඔබට ඔබේ හැකියාවන් තවත් වර්ධනය කරගත හැකිය.ඔබට ඇති හැකියාව යම් ආදායමක් ලැබිය හැකි එකක් නම් නොපමාව ඔබ ඒ වෙනුවෙන් කැපවීම වැදගත් වේ.මූල්‍යමය වශයෙන් ගෙවුණු වසර තුළ ඔබට ඇත්තේ සුබ නොවන අත්දැකීම් විය හැකිය.එනිසාම ඔබට ඔබේ හැකියාවක් ආදායම් මාර්ගයක් බවට පත්කර ගැනීමට හැකියි නම් එය ඔබ ලබන ජයග්‍රහණයකි.
– අලුතින් යමක් ඉගෙනීම :ඉගෙනීම යනු මියෙන තුරුම අත්නොහැරිය යුතු දෙයකි.එනිසාම නව වසර තුළ ඔබට යමක් අලුතින් ඉගෙනීමට හැකියි නම් එය ඔබ අනාගතය වෙනුවෙන් කරන වටිනා ආයෝජනයකි.උදාහරණයක් ලෙස ඔබට ඉංග්‍රීසි විෂය අපහසුයි නම් මේ වසර තුළ ඔබ එහි ප්‍රවීණයෙක් වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන වසර බවට පත්කර ගන්න.
– ඉලක්ක ,අරමුණු සහ අභියෝග :වසර සැලසුම් කිරීමේදි ඔබට ඇති අරමුණු ,ඉලක්ක මෙන්ම ඒ වෙනුවෙන් ඔබට ඇති අභියෝග පිළිබඳව ද අවබෝධයක් ඔබට තිබිය යුතුය.ඒ අනුව ඔබ ඔබේ ඉලක්ක මෙන්ම අරමුණු සටහන් කිරීමේ දි ඒවා සම්පූර්ණ කළ යුතු කාලසීමාවන්ද දැක්වීම වැදගත්.
– විශාල සිහින දැකීම :හඳට හෝ තරුවකට ගලක් ගැසීම ඔබේ අරමුණ නම් එය පොල් ගහක ගෙඩියක වැදී හෝ නතර වේවි යන කියමන ඔබත් අසා ඇති.එනම් ඔබ තුළ විශාල සිහින තිබිය යුතු බවයි.ඔබත් විශාල සිහින දකින්නෙක් වන්න.
– Eagle attitude :නව වසර ආරම්භයේම අපි ඔබට දෙන පණිවිඩය නම් පාත්තයන් සමග රංචු ගැහෙන එක පසෙකලා රාජාලියෙක් වෙන්න කියන එකයි.සාමාන්‍යයෙන් අහසේ ඉහළටම පියාසර කළ හැකි පක්ෂීන් අතර රාජාලියා ඉන්නෙ ඉදිරියෙන්.ඉතාම කුඩා පැටවා කාලයේ පටන්මයි ඔවුන් මේ සදහා පුහුණුව ලබන්නේ.මුලින්ම ඔවුන් තමන්ගේ සුවපහසු කලාපයෙන් ඈත් වෙනවා.තටු හයිය වෙන්නත් පෙර සිටම ඔවුන් පියාසර කිරීමට පුහුණුව ලබනවා.
කැපවීම ,අධිෂ්ඨානය ,ඉලක්ක පසුපස හඹායාම ,තියුණු බව රාජාලියා තුළ දැකිය හැකි සුවිශේෂී දේවල්.සාමාන්‍යයෙන් තනිව හැසිරෙන ,තනිව පියාසර කරන පක්ෂියෙක් නිසාම රාජාලියෙක්ට ඉහළ අහස තරණය කිරීමට නම් අසීමිත ශක්තියක් ද තිබිය යුතුමයි.එකම ඉලක්කයක් පසුපස හඹා යන ඔවුන් කිසිවිටෙකත් පසුබැසීමකට ලක්වන්නේ නම් නෑ.
වැදගත්ම දේ තමයි අනෙකුත් පක්ෂීන් මෙන් පරණ වූ දෑ රාජාලීන් විසින් ආහාරයට නොගැනීම.ඒ තුළින් ඔබට දෙන පණිවිඩය නම් අතීතය තවදුරටත් අනවශ්‍ය බවයි.ඔබෙත් එකම අරමුණ ඉහළටම යාමට නම් ,සාර්ථක වීමට නම් ඔබ මුලින්ම කළ යුතු වන්නේ ඔබට වද දෙන අතීතයෙන් දුරස්වීමයි.
මේ තවත් එක වසරක ආරම්භයක් පමණක් යැයි නොසිතා මෙය ඔබේ ජීවිතයේ හොඳම වසර කරගැනීමට උත්සාහ ගන්න.ශක්තිමත් පිහාටු සහිත රාජාලියෙක් මෙන් ඔබත් සාර්ථකත්වයේ ඉහළටම යාමට ධනාත්මක ආකල්ප තුළින් ජීවිතය සවිමත් කරගන්න….
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings