ආහාර ඇඳුම් පැළඳුම් නිවාස යාන වාහන වෙනුවෙන් ඔබ කොයිතරම් නම් මුදලක් වියදම් කරනවාද…ඇතැම් විට මුලු ජීවිත කාලය පුරාවටම ඔබ කරන එකම දෙය වන්නේත් ඔබේ භෞතික සුඛ විහරණය උදෙසා මුදල් ඉපයීමයි.එලෙස උපයන මුදල් වියදම් කිරීමයි.නමුත් ඔබ එයින් ද ප්‍රමාණවත් තෘප්තියක් නොලබයි.එනිසාම තව තවත් ඒ පසුපසම ලුහුබඳියි.සැබවින්ම ඔබ සාර්ථකත්වය ලෙස බලාපොරොත්තු වන්නේ එයද ?
මානසික සුවය වෙනුවෙන් ;
මේ ලිපිය කියවන ඔබ දැනටමත් මානසික ලෙස යම් ලෙසකින් ව්‍යාකූලත්වයකින් සිටිනවා විය හැකියි.පවතින වසංගත තත්වය හමුවේ එය තවදුරටත් තීව්රව ඇතිවා වන්නටත් පුළුවනි.එනිසාම ඔබ කෙතරම් භෞතිකව පූර්ණ අයෙක් වුවත් මානසිකව පීඩනයකින් සිටිනවා නම් එය යෝග්‍ය නොවේ.
භෞතික සැප පහසුව උදෙසා වෙහෙසෙන ඔබ මානසික සුවය වෙනුවෙන් කුමක් කරන්නේද.භෞතිකව ඔබ කෙතරම් සැප පහසුවෙන් සිටියද මානසිකව ඔබට ඇත්තේ ව්‍යාකූල බවක් නම් ,අසීමිත වෙහෙසකාරී බවක් නම් ,හුදෙක් කලකිරීමක් එපාවීමක් නම් ඔබ සාර්ථක ද ? අසාර්ථක ද ?
යන්ත්‍රයක් මෙන් ඔබ දුවන දිවිල්ල නතර කළ යුතුය යන්න මෙයින් අදහස් නොකෙරේ.එනම් ඔබට මේ ගමන තුළ යම් සහනයක් අවැසිය.මෙය එතරම් අපහසු ,වැඩි කාලයක් අවැසි කටයුත්තක් නොවේ.සාමාන්‍යයෙන් ඔබ එදිනෙදා ගෙවන ජීවිතය තුළම ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් ඔබට යම් කාලයක් වෙන්කළ හැකිය.මෙය ඔබ ඔබේ නිරෝගිමත් පැවැත්ම උදෙසා කරනු ලබන ආයෝජනකි.එනම් අනිත් සියල්ලට වඩා හිත ලෙඩවීම සුබ නොවන බව ඔබත් විශ්වාස කරනවා ඇති.හිත ලෙඩවීම ඇතැම්විට අනාගතයට රෝග රැසකට වුව ඔබට කරන ආරාධනාවක් ද විය හැකියි.
උදෑසන අවදි වූ පසුත් රාත්‍රි නින්දට පෙරත් කෙටි කාලයක් ඔබට හිත එක්තැන් කර විනාඩි කිහිපයක භාවනාවක් කළ හැකි නම් ,මිහිරි තනුවකට සවන් යොමු කළ හැකි නම් ,සමීපතමයන් සමග සැහැල්ලුවෙන් සිනාසිය හැකි නම් ,පිපුණු මලකින් දිලෙන තරුවකින් වුව සැහැල්ලුව අත්විඳිය හැකි නම් එය ඔබ මනසට ලබාදෙන ඔසුවකි.
අමුතුවෙන් වියදම් කරමින් මානසික සහනයක් බලාපොරොත්තු වෙමින් වෛද්‍ය උපදෙස් පැතීමට පෙර ඔබට ඔබ තුළම සහනශීලි පුද්ගලයෙක් නිර්මාණය කරගත හැකිය.නැතිනම් ඔබට සමීපතම අයෙක්ගෙ සහයෙන් මානසික සුවතාවය ළඟා කරගත හැකිය.
සාමාන්‍ය අපි දන්නා ලෙඩරෝගවලින් මිය යන පිරිසට වඩා කිසිවක් නොදන්වාම මානසික ආතතිය නිසා ජීවිතය හැර යන පිරිස් පිළිබඳව අද ලෝකයම කතා කරයි.එසේ නම් ඔබත් ඔබේ භෞතික දියුණුව මෙන්ම මානසික දියුණුව පිළිබඳව වඩාත් සැලකිලිමත් ලෙස අවධානය යොමු කළ යුතු කාලයයි මේ …
find all important things you need for start your day with Findit.lk Business Feed Sri Lanka
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings