යටිසිතට ඇති බලය-Subconscious mind BuzzFeed.lk
යටිසිතට ඇති බලය-Subconscious mind

යටිසිත හා උඩු සිත යනුවෙන් මනසේ ක්‍රියාකාරිත්වය දෙයාකාර බව ඔබ දන්නවා ඇති.මේ අතරිනුත් යටිසිතට ඇත්තේ අරුම පුදුම බලයක් බව ඔබ දන්නවා.මිනිසෙකුගේ උපතේ සිට ජීවිත කාලය පුරාවටම නින්දෙදී පවා මෙම යටිසිත අවදියෙන් සිටියි.


“ලෝකය වෙනස් කිරීමේ ශක්තිය හා බලය ඇත්තේ ඔබේ යටිසිතටයි” යනුවෙන් අමෙරිකානු මනෝවිද්‍යාඥයකු වන විලියම් ජේම්ස් මහතා පවසයි.සැබවින්ම එය සත්‍යයක්.මන්ද ඔබ ඔබේ යටිසිතට දෙන පණිවිඩ ලේසියෙන් අමතක නොවන එකක් වීමයි.එය නිධානයක් බඳුය.එනම් ඔබ ඔබේ යටිසිතට දෙන යම් පණිවිඩයක් කොයිතරම් කාලයක් ගියද ගිලිහී නොයයි.එය දිනෙක ඔබ ළඟා කරගන්නා තුරුම ඔබ තුළම පවතී.


යටිසිතට ඇත්තේ අප්‍රමාණ බලයකි.එය සැඟවුණු අභිප්‍රේරණයක් මඟින් ක්‍රියාත්මක වේ.ඇතැම් විට එය ඔබේ පාලනයෙන් මිදුනු කලාපයක් ලෙසද ඇතැම් විට දැක්විය හැකිය.එනම් ඔබ අමතක කළ යුතුමයි සිතන දෑ ඔබේ යටිසිත තදින් අල්ලාගෙන සිටීමයි.කොයිතරම් කාලයක් ගියත් ඒවා සුරැකිව පවතියි.වැදගත් වන්නේ ධනාත්මක ලෙස ඔබ ඔබේ යටිසිත පාලනය කිරීමයි.


Read More .. at Buzzfeed.lk යටිසිතට ඇති බලය-Subconscious mind


December 7th 2020