සාර්ථකත්වය වළක්වාලන පුරුදු BuzzFeed.lk
සාර්ථකත්වය වළක්වාලන පුරුදු

සාර්ථකත්වය වළක්වාලන පුරුදු 

සාර්ථක වීම තමයි ඔබෙත් මගෙත් එකම අරමුණ.එය භෞතිකව හෝ අධ්‍යාත්මික ,මානසික වශයෙන් ලබන සාර්ථකත්වයක් විය හැකියි.කෙසේ නමුත් සාර්ථකත්වය උදෙසා නිරන්තරයෙන්ම වෙහෙසෙන බොහොමයක් පුද්ගලයින් හිතාමතාම හෝ නොදැනුවත්කම නිසාවෙන් කරන වැරදි බොහෝමයක් පවතියි.මේ කතා කරන්න සූදානම් වන්නේ එලෙස ඔබ ඔබේ සාර්ථකත්වය වළක්වාලන අයහපත් පුරුදු කිහිපයක් පිළිබඳවයි.


01) තමාව විවේචනය කිරීම :දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ පුද්ගලයින් කරන ප්‍රධානතම වැරැද්දක් ලෙස තමාව විවේචනය කිරීම දැක්විය හැකිය.අතෙහි සෑම ඇගිල්ලක්ම එක සමාන නොවන්නා සේම සමාජය තුළ වෙසෙන සියල්ලම එක හා සමාන වූවෝ නොවේ.එනිසාම ඔබට ,මට ඇති හැකියාවන් සහ නොහැකියාවන් විවිධාකාරය.අවශ්‍ය වන්නේ ඔබට ඇති හැකියාවන් වර්ධනය කරගැනීම මිස අඩුපාඩු ,නොහැකියාවන් පිළිබඳව තමාව විවේචනය කිරීම නොවේ.ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස සිතමින් කාලය යැවීම නොවේ.නැති දෙයට වඩා වැදගත් වන්නේ ඔබට ඇති දෙයයි.ආඩම්බර විය යුතු වන්නේ ඒ දෙය පිළිබඳවයි.ඔබ ඔබවම විවේචනය කිරීම යනු සමාජය තුළ ඔබ නොදැනුවත්වම අනවශ්‍ය ලෙස විවේචනයට ලක්වීමයි.


02) කෙටිකාලීන සුවය :විවේකය අපි සියල්ලටම අත්‍යාවශ්‍ය දෙයකි.වැඩ කිරීම තුළින් අධික ලෙස වෙහෙස වන ඔබ විවේකය අපේක්ෂාවෙන් සිටිනවා විය හැකිය.කෙසේ නමුත් අනවශ්‍ය ලෙස විවේක ගැනීම විශ්‍රාම දිවිය තුළ ඔබට අවශ්‍ය විවේකය දුරස් කරනු ඇති.එනිසාවෙන් කෙටිකාලීන සුවයක් වෙනුවෙන් අනාගතය උදෙසා වැඩ කිරීමට ඇති කාලය නිකරුණේ අපතේ හැරීම කිසිසේත්ම සුදුසු නොවන බව සිහිතබා ගන්න.අද ඔබ වෙහෙසී කරන වැඩ තුළ අනාගත විශ්‍රාම සුවය ගැබ්ව ඇති නිසාවෙන් ඒ වෙනුවෙන් ඉලක්ක සහිතව වැඩ කිරීමට උත්සාහවන්ත වන්න.


03) අනවශ්‍ය කාර්‍යබහුලත්වය :අනවශ්‍ය කාර්‍යබහුලත්වය සහ ඵලදායි කාර්‍යබහුලත්වය යනු දෙකකි.බොහෝ පුද්ගලයින් කරනුයේ අනවශ්‍ය ලෙස කාර්‍යබහුලවීමයි.නමුත් අවසානයේ ඉන් ඔවුන් ලැබූ දෙයක් ඇත්තේ ද නැත.එනිසාවෙන් අනවශ්‍ය කාර්‍යබහුලත්වයට වඩා ඔබ කළ යුත්තේ ඵලදායි ලෙස කාර්‍යබහුලවීමයි.කාලසටහනකට අනුව ක්‍රමවත්ව ,ඵලදායි ලෙස කටයුතු කිරීමයි.වැඩ බෙදාගනිමින් කටයුතු කිරීමයි.එය ඔබට දවස තුළ ඵලදායි ප්‍රතිඵල ලබාදෙනු ඇත.


04) සමාන අදහස් දරන්නන් :ඔබ සමග සිටින්නේ ඔබ සිතන ආකාරයටම සිතිවිලි සහිත සගයන් නම් එය එතරම් යහපත් දෙයක් නොවේ.එනම් ඔබ සෘණාත්මක ආකල්ප සහිත අයෙක් නම් ඔබ සමග සිටින පිරිසද එසේ වීම කෙසේවත් ඔබට ප්‍රගතිශීලි ගමනක් යාමට උපකාරී නොවේ.එසේ නම් ඔබ සමීපයේ විවිධ සිතිවිලි සහිත ,විවිධ අදහස් ,විවිධ වූ දැනුම සහිත පිරිස් සිටීම නිරායාසයෙන්ම සාර්ථක ගමනක් යාමට උපකාරී වේ.එනම් විවිධ බව අගය කිරීම තුළ සාර්ථකත්වය ගැබ්ව පවතියි.


05) බොරු මවාපෑම් :බොරු ,අනවශ්‍ය මවාපෑම අද ලෝකයේ දැකිය හැකි සාමාන්‍ය දෙයකි.මුදල් ,යානවාහන ,නිවාස ,ඇඳුම් පැළඳුම් යනාදි සියල්ලෙන්ම මිනිසුන් අපේක්ෂා කරන්නේ හුදෙක් අනෙකාට පෙනෙන ලෙස මවාගෙන ජීවත්වීමකි.ඔබත් එවැනි අයෙක් නම් ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය බොහෝ දුරය.මන්ද ව්‍යාජ බව තුළ සාර්ථකත්වයක් ගැබ්ව නොපවත්නා නිසාය.වැදගත් වන්නේ ඔබ ඔබම වීමයි.ලෝකය ඉදිරියේ ඔබ ඔබ ලෙසම හුස්ම ගැනීමයි.

දැන් ඔබට පැහැදිලි අවබෝධයක් ඇති සාර්ථක වීමට නම් ඔබ කළ යුතු මොනවාද ,නොකළ යුතු මොනවාද යන්න පිළිබඳව.මේ එයින් කිහිපයක් පමණි.ඇතැම් විට ඔබ තුළ මීට වඩා දුර්වලතා ,යහපත් නොවන පුරුදු පවතිනවා විය හැකිය.එසේ නම් අවශ්‍ය වන්නේ නිවැරැදි අවබෝධයක් තුළින් සාර්ථකත්වය උදෙසා ඉදිරියට යාම බව දැන් ඔබට පැහැදිලි ඇති..


Sinhala Motivation

February 16th 2021