Sri Lanka's Tharushi and Dilhani Qualify for 2024 Paris Olympics! තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි Findit.lk
Sri Lanka's Tharushi and Dilhani Qualify for 2024 Paris Olympics! තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි

The most recent rankings reveal that Dilhani Lekamge and Tharushi Karunaratne of Sri Lanka will be competing in the 2024 Summer Olympics in Paris.

The most recent update has Dilhani Lekamge at 26th place in the standings, and Tharushi Karunaratne at 45th.

Tharushi Karunaratne is currently ranked 45th out of 48 athletes who will compete in the 800m women's sprint.

Furthermore, Nadeesha Dilhani Lekamge, who placed 26th, is among the 32 competitors in the Women's Javelin Throw. 


2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සහ නදීශා ලේකම්ගේ සමත් වී තිබෙනවා.


මෙම මස ආරම්භ වීමට නියමිත ඔළිම්පික් උළෙල සඳහා කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කරන තරුෂි කරුණාරත්න සුදුසුකම් ලබා ඇති අතර, ඇය මෙම ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 45 දෙනා අතුරින් 45 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

මෙහි දී ඇය විසින් සිය ඉසව්වට අදාළ ඔලිම්පික් පරිසාධන මට්ටම සම්පූර්ණ කර ගැනීමට සමත් නොවූ නමුත්, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවයි ඔලිම්පික් සුදුසුකම් ලබා ගන්නේ.

මේ අතර කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් හිමි කර ගැනීමට නදීශා ලේකම්ගේ සමත් වී ඇති අතර, ඇය මෙම ඉසව්වේ ඔලිම්පික් සුදුසුකම් ලබන ක්‍රීඩිකාවන් 32 අතුරින් 26 වැනි ස්ථානයේ රැඳී සිටීම විශේෂත්වයක්.

ඇය ද ඉසව්වට නියමිත ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යාමට සමත් නොවූ නමුත්, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවයි ඔලිම්පික් සුදුසුකම් ලබා ගන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තවත් ඔලිම්පික් බලාපොරොත්තු ලෙස හඳුනාගෙන සිටි පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරන අරුණ දර්ශන ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීම්වල 51 වැනි ස්ථානය සහ කාලිංග කුමාරගේ 58 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, මෙවර එම ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලබන්නේ ක්‍රීඩකයින් 48 දෙනෙකු පමණක් නිසා ඔවුන්ට එම අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වී යනවා


July 3rd 2024