The six male personalities BuzzFeed.lk
The six male personalities

The six male personalities 

ඔබ කුමන පෞරුෂත්වයකින් යුතු අයෙක් ද?


ALPHA | BETA | GAMMA | OMEGA | DELTA | SIGMA 


පෞරුෂත්වය යනු සෑම පුද්ගලයෙකුටම අදාළ වූවකි.ඒ අනුව සෑම කෙනෙක්ටම හිමි අද්විතීය පෞරුෂත්ව ගති ලක්ෂණ දැකිය හැකිය.පෙර ලිපියෙන් කාන්තා පෞරුෂත්වයන් පිළිබඳව කතා කළ බැවින් මෙම ලිපිය වෙන්ව ඇත්තේ පිරිමි පෞරුෂත්වයන් පිළිබඳව කතා කිරීමටයි.පෙර පැවසූ පරිදි පෞරුෂත්වය යනු අද්විතීය කරුණක් වන නිසාම තමාට තමන් කවුද යන්න පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබීම උදෙසා මේ පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වේ.පෞරුෂත්වය තුළින් තමන් කවුද සහ තම ක්‍රියාවන් නිර්වචනය කරයි.සෑම පුද්ගලයෙකුටම ආවේණික නිශ්චිත ගති ලක්ෂණ පවතියි.එය මෙලෙස වර්ගීකරණය කර දැක්විය හැකිය.

1.The Alpha male

2. The Beta male

3. The Gamma male

4. The Omega male

5. The Delta male

6. The Sigma male 


- The Alpha male -

ඔහු ඉතාමත් විශ්වාසවත්තය.තමා පිළිබඳව ,තමන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ,කළ යුතු සහ නොකළ යුතු සියල්ල පිළිබඳව ඔහු හොද විශ්වාසයෙන් යුතු වේ.විශ්වාස යනු ලේසියෙන් ඇති වන්නක් නොවේ.එනම් තමන් පිළිබඳව ඇති විශ්වාස වර්ධනය පහසු නොවේ.ඔහුට ඕනෑම අයෙක් සමග පහසුවෙන් කටයුතු කළ හැකිය.ඔහුගේ පෞරුෂත්වය බාහිරින්ම දැකිය හැකිය.මනාව කතා කිරීමේ හැකියාව ඔහු සතුය.පිරිසක් මනාව මෙහෙයවීමට ඔහු දක්ෂය.සමාජ සබදතා මනාව ගොඩනගා ගනියි.වැඩි කාර්‍යක්ෂමතාවයකින් යුතුය.ඔහු නායකයෙකි.ලොව බොහෝමයක් සාර්ථක පිරිමින් ඇල්ෆා පිරිමින් බව හදුනාගෙන තිබේ.ඔහුගේ දක්ෂතාවය නිසාම ඉලක්ක සැපිරීම උදෙසා පිරිසක් මනාව මෙහෙයවීමට හැකියාව පවතියි.ඔහුගේ ප්‍රතාපවත් බව නිසාම අනෙක් පිරිස් නිරායාසයෙන්ම ආකර්ෂණය වේ.විනෝදකාමී ස්වභාවයක් ද පෙන්නුම් කරයි.


- The Beta male -

ඔහු මිත්‍රශීලීය.තවකෙක් පහත්කොට නොසලකයි.මිත්‍රශීලී මෙන්ම අනෙකාට ගරුකරන අයෙකි.සෑම පුද්ගලයෙකුට භේදයකින් තොරව සලකයි.සියල්ලන්ටම කාරුණිකව කටයුතු කරයි.එනිසාම අන් අයගේ ප්‍රශංසාවට යොමුවේ.තරමක් ලජ්ජාශීලීය.ඇතැම්විට තම අදහස් විවෘතව බෙදාගැනීමට බිය වෙති.ප්‍රතික්‍රියක ස්වභාවයක් නොමැති නිසාම ගැටුම්කාරී නොවේ.යටත්වීම සෘණාත්මක ලක්ෂණයක් ලෙස පෙනුනද එයින් පෞරුෂත්වය ඔප්නැංවේ.එයින් ඔහු ප්‍රතිලාභ ලබයි.ඉතාමත් පක්ෂපාතී අයෙකි.කිසිවකුට බාධාවක් නොවේ.තම රාජකාරිය වඩාත් පක්ෂපාතී ලෙස ඉටුකරයි.සෑමවිටම කතා නොකරන නමුත් අවශ්‍ය වූ විට තම මතය එකහෙළා ප්‍රකාශ කරයි.


- The Gamma male -

ඔහු වික්‍රමාන්විත ස්වරූපයක් දරයි.ඉතාමත් සිත්ගන්නාසුලු චරිතයකි.අන් අයගේ අදහස් මත තමාගේම යමක් නිර්මාණය කරයි.ඔහුට විවිධ කුසලතා මෙන්ම විවිධ රුචිකත්වයන් ඇත.ජීවිතය ගවේෂණය කරයි.ඉගෙනීමට ලැදිය.වඩාත් උනන්දුවෙන් ක්‍රියාකරයි.අත්දැකීම් තුළින් අලුත් දෑ නිර්මාණය කරයි.ස්වාධීනය.අනෙකාගේ ගෞරවය සහ ප්‍රශංසාව ලැබීමට කැමතිය.ඇල්ෆා අයෙක් තුළ ගැමා ලක්ෂණ ද පවතියි නම් ඔහුට යා හැකි දුර අපමණය.ඔවුන් තුළ ඇති සංවේදී බව ස්ත්‍රී ලක්ෂණයක් ලෙස පෙනුනද එනිසාම ඔවුන් වඩාත් සිත්ගන්නාසුලු චරිත බවට පත්වේ.


- The Omega male -

ආත්ම විශ්වාසයකින් යුතු පිරිමින් වේ.ඔහු විශ්වාස කරන හා ගරුකරන කිට්ටු මිතුරන් කිහිපදෙනෙක් පමණක් ඔහුට සිටියි.ඔහුට ඇති අභ්‍යන්තර ශක්තිමත් බව නිසාම තමාට අවශ්‍ය දේ කිරීමට දෙවරක් නොසිතයි.අනෙක් අයට ඉදිරියට යාම සදහා බාහිර තල්ලුවක් අවශ්‍ය වුවත් ඔමේගා පිරිමින්ට එම තල්ලුව ලැබෙන්නේ තමාගේම අභ්‍යන්තරයෙනි.එනම් පෙළඹවීම ලැබෙන්නේ තමා තුළින්මය.අනෙකාට සවන්දෙයි.ඔමේගා පිරිමින් යනු මිනිස් කැල්කියුලේටරයක් හා සමාන වූවකි.එමෙන්ම තම නිදහස ගැන සිතන ඔවුන් තමාට කැමති ආකාරයට සිටීමට ප්‍රිය කරයි.


- The Delta male -

බිඳවැටීම් ,අතීත සිදුවීම් නිසා මන්දෝත්සාහී බවකින් යුක්තය.තමාගේම අතීතය සමග ගැටුමක සිටියි.එනිසාම අන් අයට සමීප නොවී සිටීමට උත්සාහ ගනියි.එය අමනාපයක් ලෙසද ඇතැම්විට පෙන්නුම් කරයි.ප්‍රශ්න විසදීමට මතුපිටින් උත්සාහ කරන අතර අභ්‍යන්තර මැදිහත්වීමකින් තොරය.ස්වයංව අවුල්සහගත ලෙස සිටියි.තම ගැටලුවලට තමාම පිළිතුරු සෙවිය යුතුය යන ස්ථාවරයේ සිටියි.හුදකලාව ප්‍රියකරයි.එය ආත්ම දමනය උදෙසා උපයෝගී කරගනියි.



- The Sigma male -

ඉතාමත් උපායශීලීය.එම නිසාම පිරිසක් හැසිරවීමට හැකිය.යමක් තවකෙකුට ඒත්තු ගැන්වීමට හැකියාව පවතියි.අන් අය අතර ජනප්‍රිය ලෙස කටයුතු කරයි.තමන් ගැනම සතුටුවන්නෙකි.නායකත්ව ස්වරූපයක් දැකිය හැකිය.ආධිපත්‍යයට වඩා අන්‍යෝන්‍ය සුහදත්වය සන්නිවේදනය කරයි.ආදර්ශමත් බව පෙන්නුම් කරයි.හොද සවන්දෙන්නෙකි.එමෙන්ම හොද සන්නිවේදකයෙකි.අන්‍යෝන්‍ය ආචාරශීලී බවින් යුතුය.


ඔබට හිමි කුමන පෞරුෂත්වයද යන්න පිළිබඳව දැන් ඔබට අවබෝධයක් ඇති.එසේ නම් ඔබ කටයුතු කළ යුත්තේ ඔබේ පෞරුෂත්වය රැකගැනීමට සහ එය තවත් මැනවින් වර්ධනය කරගැනීමටයි.පුද්ගල පෞරුෂත්වය යනු ඉතාමත් අගනා මිල කළ නොහැකි ආභරණයක් බවත් අපි අමතක නොකළ යුතුයි.

May 11th 2021